එදා සිද්දියෙන් පස්සේ නොදැනීම සතියක කාලයක් ගෙවිලා ගියේ හීයක වේගයෙන්.. ඒතකොට දේව්..එයාත් හැමදාම වගේ උදේට යනවා රෑවෙලා එනවා. සමහර දාට එහෙමවත් නැ. ගෙවිලා ගිය සතියටම වචන දහයක් විතර කතා කරත් ගෙදර අයට කියලා තිබුනේ මන් ගැන හොයලා බලන්න කියලා ඒත් ඒකට මන් කැමති උනත් මගේ හිත එකට ටිකක්වත් කැමති උනේ නැත්තේ මටත් නොදැනිම එයා ගැන මගේ හිතේ සියුම් සෙනෙහසක් ඇතිවෙලා තියන නිසා
හැමදාම වගේ චුටිත් එක්ක කියව කියව රූම් එකට එන මන් රෑවෙලා ඇදට ගිහින් නිදාගත්තත් එයා හැමදාම වගේ කරේ කාමරේ තිබුන සොෆා එකට වෙලා නිදාගත්ත එක.. රැවෙලා ගෙදර එන එයාගේ තෙහෙට්ටු ගතිය මුනෙන්ම පෙනෙද්දි ලගට ගිහින් කතා කරන්න හිතුනත් එ අදහස අමාරුවෙන් මකාගෙන ඉන්න මන් ගොඩාක් උත්සාහ කලා..
ජිවිතේට පිරිමියෙක් ගැන නොහිතුන හැගීම් ගොඩක් එයා වෙනුවෙන් හිත ඇතුලේ ඇතිවෙද්දි මන් ඒ හැගීම් එයා ඉස්සරහා පාලනය කරගන්න දරන වෑයම දන්නේ මන් විතරයි ...
ඔව් එයා කරන්නේ හරි අමාරු රස්සාවක්.. ගෙදර ඉන්නවට වඩා එයා ඉන්නේ පොලිසියේ .. නිවාඩු දවසට ගෙදර ආවත් වැඩිපුරම ඉන්නේ ඒ වහලා දාලා තියන කාමරය ඇතුලට වෙලා .. ඒකෙ මොනවද තියෙන්නේ කියලා දැනගන්න ඕනි උනත් එයාගෙන් අහන්නේ නැතුව එහෙම කරන එක මගේ පිරිම්කමට ගැලපෙන්නේ නැති නිසා ඒ අදහස මගේ මුලු හිතින්ම අයින් කරලා දැම්මේ කවදාහරි දවසක ඒ ගැන එයාම මට කියයි කියලා හිතුන නිසා...
""මේ.. අන්න.. ඔයාගේ මැනිකව අරන් ඇවිත්..."""
කල්පනා ලොකේ හිටිය මන් චුටිගේ හඩට බලද්දී
"""ඒ සිරාවටම ගෙනත්ද .??""
ඒ මගෙ බයික් එක..එදා සිදුවිමෙන් පස්සේ එයාගෙන් මන් ඒක ගැන ඇහුවත් එයා මොකුත් නොකියපු නිසා පාඩුවේ ඉවසගෙන හිටියේ ඕක ගැන අහන්න ගිහින් ආයෙත් රන්ඩුවෙන්න හිත කැමති උනෙ නැති නිසාවෙන් .. ලොකු ඕක මට අරන් දෙද්දි මට යන්තම් අවුරුදු විස්සක් උනා විතරයි එයාව මතක්වෙන්න මට තියෙන්නේත් ඔච්චරයි එ නිසාමයි පන වගේ යකඩ ගොඩකට ආදරේ කරන්නේ.....
""""අව්ව් මොඩයා.. """
හිතේ කියාගන්න බැරි සතුටක් ඇතිවෙද්දි මන් චුටිවත් තල්ලුකරගෙන පහලට එද්දී එයා කැ ගැහුවත් එ ගැනවත් සිහියක් නොතිබුන මන් එලියට එද්දී එයයි අයානුයි දෙන්නා එතනට වෙලා ලොකු කතාවක..
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️