21 chapter ❤️

4.3K 545 11
                                    

උදේම එන්න බැරිවෙද්දි හවස්වෙලා මන් ගෙදර යද්දි එහෙ එකම කාලගොට්ටියක් වෙලා..නිකන් යාකාගේ කම්මල වගේ.. කවදාවත් නැතුව ගේට් එක ලග සිකුරිටි ගාඩ් එක පවා වැඩි කරලා.. තැනින් තැන මීඩියාකාරයෝ පිරිල..උන්ගෙන බෙරිලා එන්නත් ලොකු ගේමක් දෙන්න උනා..

"" සිරිල්..කොහොමද යකෝ මේක උනේ...අහ්... ""

"" හිතාගන්න බැ ඇමතිතුමා .. මෙහෙන් බඩු ටික ගානට අරන් ගියා..එහෙදි තමයි මාට්ටු වෙලා තියෙන්නේ .. අනික මොකා උනත් හරියට වේලවටම ඔත්තුව දිලා.. අපේ උන් යන්න හදද්දිම තමයි වටකරලා තියෙන්නේ ..."""

""" අහ්හ්හ්...දැන් කොහොමද මිනිහෝ මේක විසදගන්නේ.. බලපන් අවුරුදු ගානක් කරපු දේ එක මිනිත්තුවෙන් ඒ හැම දෙයක්ම නැතිවෙලා ගියානේ ...."""

ගේ ඇතුලට එද්දිම ඇහුනෙ තාත්තාගේ හඩ.. මන් සද්ද නැතුව යන්න යද්දි

"" පුතා ..  ඔයා කොහොමද අර මිනිස්සුන්ගෙන් බෙරිලා ආවේ..""

එතනට ආව අම්මා අහද්දි ..තාත්තාත් ගැස්සිලා වගේ මගේ දිහා බැලුවේ මොනා උනත් රටක් ඉස්සරහා එයාගේ වැඩේ මට්ටු උන එක ගැන මන් දන්න නිසා වෙන්න ඇති ... මාත් එක්ක වචනයකක්වත් කතා නොකරපු එයා..

""" සිරිල්  කතා කරපන් මිනිහො දේව්ට.. අද කොහොමහරි මේක විසදගන්න ඕනි..""

මහ හඩින් කිව්ව එයා ඔෆිස් රූම් එක පැත්තට යන්න යද්දි සිරිල් අන්කල් ෆෝන් එකත් අරගෙන එලියට යද්දි

"" අම්මේ දැන් මොකද වෙන්නේ...""

මන් ඇහුවේ අම්මාගෙන්.. එයත් මේ සිද්ද උන දේට අවුලෙන් ඉන්නේ කියලා ඒ මුන දකිද්දී තෙරුනා..

"" මන් දන්නෑ පුතා.. ජරා වැඩ කාරනවා නම් එයාම විසදගත්තාවේ... අපි මොනවා කරන්නද එයා ඕවා විහින් කරගත්ත එවා.."""

"" ඒත් අම්මා.. ලබන මාසේ තියන චන්දේ තාත්තට නාම යෝජනා දෙන්න බැරිවෙයිදා..??""

"" හ්ම්ම් මන් හිතන්නේ එහෙම තමයි ... ඉයේ රැ ඉදලම එහෙට කතා කරනවා මෙහෙට කතා කරනවා ඉවරයක් නැ.. එත් වැඩක් වෙන එකක් නැ.. අර ඩැනි කියන මනුස්සයා තවත් මොනවදෝ ගොඩාක් දේවල් පොලිසියට කියලා ...""

Beating Heart (Complete  )Where stories live. Discover now