""අනේ චුටි පුතා ඒ සැරේ මොකක්ද කර ගත්තේ .. මේ කොල්ලා ආව දවසේ ඉදලා තුවාල කරගන්නවනේ දෙයියනේ ..."""
ගෙදරට ඇවිත් මාව දැක්ක අම්මා අඩාගෙන වගේ මගෙ ලගට දුවගෙන එද්දී
""අනේ ලොකු තුවාලයක් නැ අම්මා.. බයික් එකෙන් වැටුනා..""
ඇත්ත හෙතුව මොකක්ද කියලා කියන්න එපා කිව්ව නිසාම මන් එයාට බොරුවක් කිව්වේ ඇත්තටම තුවාල උන විදිහ කිව්වොත් එහෙම මෙයා බොරුවට බය වෙන නිසා...
එහෙමම කතා බහක් නැතුව උඩට යන එයා දිහා බලන් හිටියේ මේ මනුස්සයා මෙච්චර කේන්තිගන්නේ මොන හේතුවකටද කියලා නොතෙරෙද්දී
""චුට් ගිහින් වොශ් එකක් දාගෙන කෑම ටිකක් කාලා නිදාගන්න .."""
රෑ වේලා නොතිබුනත් මන් කිව්වේ කෙල්ල උදේ ඉදලම බයෙන් ගැහි ගැහි හිටිය නිසා..
"''අම්මා මාත් රූම් එකට යන්නම්..ඇගට ටිකක් අමාරුයි ..'''
"""ඔයාට තනියම යන්න බැහැනේ... ඉන්න මන් ලොකූට කතා කරන්නම්..."'
""එපා අම්මා මන් සිරිපාල එක්ක යන්න.. එයාටත් මහන්සි ඇතිනේ ."""
මහන්සිය කෙසෙවෙතත් දැන් කතා කරොත් ආයෙත් බැනුම් අහන්න වෙනවා කියලා හිත කියද්දි .. මන් සිරිපාලට කතා කරලා රූම් එකට ගිහින් ඇදෙන් වාඩිවෙද්දි මට ඇහුනේ වොශ් රූම් එකේ වතුර වැටෙන සද්දෙ.. එයා නනවා ඇති කියලා හිතුව මන් සිරිපාලටත් යන්න කියලා ඇදෙන් හාන්සි උනේ තුවාලේ වේදනාවටද මන්දා මුලු ඇගම රිදුම් දෙද්දි ....
"""අ..ම්ම්..."
නලලට දැනුත් සීතල ස්පර්ශයත් එක්කම ගැස්සිලා ඇහැරිලා බලද්දී දැක්කේ නාලා ආව ගමන් තාමත් ටවල් එක පිටින් ඉන්න එයාව..
එයාව මෙහෙම දකින පලවෙනි වතාව හින්දද දැන්නෑ දෙයියනේ මගේ මුලු පපුවම ගැහෙන්න ගත්තේ ඇස් දෙකත් ලොකු කරන් මන් බලා ඉද්දි කට කොනකින් හිනා උන එයා ගිහින් වතුර එකකුයි ඩොක්ටර් දුන්න බෙහෙත් පෙති වගයකුයි අරන් ඇවිත් කතා නොකරම මගේ පැත්තට දික් කරද්දී පිලිගන්න මට දැනුනේ පපුවට පිහියකින් අනිනවා වගේ හැගීමක් .... අදරේ නැතිවෙන්න පුලුවන් ඒත්..මනුස්සයෙක් අසරන වෙලා ඉන්න වේලාවේ වචනයක් කතා කරන්න බැරි තරම් තියන කෙන්තිය මොකක්ද දෙයියනේ .. හැමදාම වගේ මගේ දුර්වලකම උන කදුලු ඉස්සර වෙද්දී මන් ඒ අත ගසාදාලා ඇදේ අනිත් පැත්තට හැරුනේ කදුලු වලින් කොට්ටය තෙමිලා යද්දි ..
![](https://img.wattpad.com/cover/327707943-288-k662508.jpg)
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️