"" මචන් මේ...""
"" ඇයි මොකද ඒ සැරෙ..."
ටිකෙන් ටික එයා කාර් එක ලගට එද්දී සත්තයි පුලුවන් නම් මන් ඉගිල්ලිලා හරි යනවා.. ඒත් ඉතින් දැන් මොනවා කරන්නද ඕනි දෙයක් උනාවේ කියලා හිත හදාගද්දි
"" යශ්... කොහෙද මේ රැ ගි......"""
වහානේ ලගට ආව එයා මාව දැකලා පුදුමෙන් වගේ කතා කරත් එහෙමම කාර් එකට එබිලා බලපු එයා අහන්න ගිය දේ පවා එහෙම නතරකර ගත්තේ මට එහායින් සිට් එකේ වාඩිවෙලා ඉන්න රියාව දැකලා.. මන් දෙන්නගේ මුනු දිහා මාරුවෙන් මාරුවට බලද්දී එකිත් ඉන්නවා බයවෙලා වගෙ. එදා ක්ලබ් එකේදි සිද්ද උන දේ එයාට තවමත් මතක ඇති. බයටමද මන්දා රියා මගේ අතකින් අල්ලගද්දි මට බැලුනේ එයා දිහා.. ඔව් එයා ඉන්නවා විනාඩියකට කලින් හිනි හිනාවක් තිබුන ඒ මුන, නිවිලා තිබුන ඒ දෑස් රතුවෙලා මුන වෙනස්වෙන්න වැඩි වේලාවක් ගියේ නැ.. එහෙමම රියා අල්ලගෙන ඉන්න අත දිහා බැලුව එයා..
"" අයාන්.. වරෙන් යකෝ යන්න .. එක එක මගුල් දිහා බලන් ඉන්නද උබ මේකේ ඉන්නේ.. උබට ඕනි නම් ඕනි රෙද්දක් දිහා බලාගෙන ඉදපන් මන් යනවා...""
නැ.. එයා මට මොකුත්ම කිව්වෙ නැ..මන් ලැස්තිවෙලා හිටියේ හොද කනේ පාරක් කන්න ඒත් එහෙම දෙයක් උනේ නැ. පුදුමත් හිතුනා .. අයාන් පවා දැස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියේ දේව් දිහා.. එයා උනත් දන්නවා කලින් මෙහෙම දෙයක් උනා නම් එයාගේ හැසිරීම මෙවගේ නෙවෙයි කියලා .. එහෙම කියලා එයා යන්න යද්දි .. රියාගේන් අත මුදවගත්ත මන් ඉක්මනට කාර් එකෙන් බැහැලා අඩියට දෙකට එයා ලගට ගිහින් ඒ අතකින් අල්ලගද්දි
""මොකක්ද යකෝ වේලා තියෙන්නේ අහ්හ් ..""
මගේ අත ගසාදාපු එයා සද්දෙන් කැ ගහද්දි වටේ හිටිය දෙතුන් දෙනෙක් අපි දිහා පුදුමෙන් බලන් ඉද්දි
"" දේව්. මම.. ""
"" ඔව්..මම දේව් තමයි .. මොකක්ද ඉතින් අහ්හ්හ්....?? යශ් මන් හොදින් කියන්නේ මේ මිනිස්සු ඉස්සරහා මාව විහිලුවක් කරන්නේ නැතුව යන රෙද්දක පලයන් යන්න ... උබට වගේ වේසකමේ යන්න වේලා නැ මට වැඩ තියනවා ...""
මරන් කන්න වගේ මගේ දිහා බලන් හිටිය එයා යන්න යද්දි මන් ආයෙත් මොකුත් නොකියාම එයා දිහා බලන් හිටියේ අසරනව .. ඒ කේනතියේ හැටියට දැන් ඉතින් මොකුත් කිව්වා කියලා වැඩකුත් නැහැනේ ..ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ ...ගැහුවා නම් දුකක් නැ..ඒත් එහෙම සද්ද නැතුව ඉද්දි ගොඩක් ලොකු වේදනාවක් දැනුනේ ... වැරදි කරන්නේ කව්රුත් ඒත් විදවන්නේ වෙන අය... ඕනි මගුලක් කියලා ආපහු හැරිලා ආව මන් කාර් එකට නගින්න යද්දිම
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️