""දේව්ව්ව්...""
"" අහ්හ්...අනේ අම්මපා මේ මිනිහට මේ වගේ වේලාවකවත් හොද සිහියෙන් ඉන්න බැරිද..?? චික් අපරාදේ මගේ අහින්සක බලාපොරොත්තු ටික..""
ඒයාගේන් ලැබුන ඒ පහසත් එක්ක හීන ලොකේ පතුලටම ගිහින් අතරමන් වෙලා හිටිය මන් එකවරම පියවි සිහියට ආවේ මවා ඉබ ඉබ හිටපු මිනිහා එකසැරෙටම මාවත් ඇදගෙන වගේ බිමට වැටෙන්න යද්දි ..ඔව් ඉතින් කනමදයා වගේ බිව්වම කොහෙන්ද පනක් කියලා දෙයක්..ශික්..මගේ පන ගහගෙන ආව ඒ හැගීම් ගොන්න්ම එකවරම නැතිවෙලා ගියේ හරියට ගිනිකූරක් පත්තුකරලා ඒක හරියට පත්තුවෙන්නත් කලින්ම හුලගට නිවිලා ගියා වගේ..ඇත්තමයි මට ඇති උනේ කේන්තියක් ඇයි දෙයියනේ මෙච්චර මාව අවුස්සලා දැන් මෙහෙම බිම පත බැවිලා ඉදලා හරියනවද..??
"" තමුසේ නම් හදන්න බැ දේව්.. ""
එයා දිහා ඔහේ බලන් හිටිය මන් මටම කියාගෙන .. කතා කරලා කරලා බැරිම තැන අමාරුවෙන් එයාව කෙලින්කරව ගත්‍ත මන් එයාගේ ඒ අතක් මගේ කර වටේ දාගෙන මගේ අතක් එයාගේ බද වටේ දාගත්තේ උඩ රූම් එකට යන්න හිතාගෙන උනත්..පඩි පෙල දැක්කම හීක්ක් ගැවුනා.. ඇයි ඉතින් දැන් මේ පුස් ඌරා වගේ ඉන්න මේ යාකාව කොහොමද මන් තනියම උඩට අරන් යන්නේ.. අමාරුවෙන් හිත හදාගත්ත මන් ලොකූ හුස්මක් අරගෙන පිට කරලා දැම්මේ අමාරුවෙන් හරි මේ මනුස්සයාව එක්ක යන්න එපැයි කියලා හිතාගෙන ...
වෙනදා විනාඩි දෙකෙන් නගින පඩි ටික නගින්න මට විනාඩි විස්සක් විතර යද්දි රූම් එක ලගට ආව මන් බාගෙට වැහිලා තිබුන දොරත් කකුලකින්ම තල්ලුකරලා දැම්මේ අතින් ඕක අරින්න ගියොත් එහෙම මේ මනුස්සයා ආයේත් අර මොකාද එකා වගේ පොලව වන්දානා කරන නිසා.
"" ආහ්හ්ව්ව්...""
ඇද ලගට ආව මන් එයාව ඇදෙන් හාන්සිකරවන්න ගියත් එයත් එක්කම මාත් එ ඇග උඩට වැටුනේ මගේ ඔලුව ඒයාගේ හිසෙහි වදිද්දී .. මන් ඔලුවත් අනිත් අතෙන් අතගෑවේ දැනුන වේදනාවට උනත් මු ඉන්නවා මොකුත් දැනුනේ නැතිගානට ..අම්මපා මාත් බොනවා තමයි ඒත් මේ විදිහට චොර වෙන්නේ නම් නැ ..
""පුහ්හ්.. බලහන්කෝ මහා ලොකු oic මහත්තයා ඉන්න විදිහ .. බිව්වම නම් ඉන්නවා හ පැටියා වගේ ඒත් බලන්න ඕනි ඇහැරගෙන ඉද්දි තියන නපුරුකම ..""
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️