ගෙදර ඇවිත් දවස් ගානක්ම ගෙවිලා ගියත් නිකමටවත් මන් ඉන්නවද මැරිලද කියලා බලන්න කෝල් එකක් නොගත්ත එයා ගැන මන් තාමත් හිතනවා.කොච්චර අමතක කරන්න හැදුවත් කරන්න බැරිම දේත් ඒකම නිසා බැල්කනි එකට වෙලා ඈතින් පේන වෙල්යාය දිහා බලන් හිටියේ හිතට දැනුන අමුතුම නිදහසක් එක්ක..
යම්තාක් දුරට සුවවෙලා තියන කකුලත් එක්ක තනියම වැඩ ටික කරගන්න පුලුවන් වෙද්දී මේ දවස් ටිකෙදිම මාව බලාගෙන ලගින් හිටියේ මගේ අම්මයි අරුන් දෙන්නයි. මිනිස්සු හරි වෙනස් මේ ඉන්නවා මේ වෙනස් වෙන්වා.. වේලාවකට හිතෙනවා ආදරෙත් මහා පුදුමයි කියලා . හිතාගන්නවත් බැරි විදිහට හිතට ඇවිත් ප්‍රාර්ථනා කරපු අදරේ නොලැබිලා යද්දි දැනෙන වේදනාව විදගන්න බැරුව මන් වගේ හිතින් තැවෙන අඩන හිත් මේ සමාජේ ඇතුලේ කොච්චරක් නම් ඇතිද..??.. දාහාක් ප්‍රශ්න වලට හිතින් උත්තර හොයපු මන් ගැස්සිලා ගියේ ෆොන් එකට කෝල් එකක් එද්දී ... සේව් කරලා තිබුන නම්බර් එක දකිද්දී විශ්වාස කරන්න පාවා බැරිවෙද්දි ඒ දිහා බලා ඉද්දිම කට් වෙලා ගියත් තවත් විනාඩියක් යන්න කලින් ආයෙත් කෝල් ගත්තේ එයා.. ඔව් ඒ දේව්. දවස් ගානකට පස්සෙ මාව මතක් උන හෙතුව මොකක්ද කියලා හිතෙන් හිතද්දි
""හේලෝ.....''''
හිතේ දෙගිඩියාවෙන් කෝල් එක අන්ස්වර් කරපු මන් කතා කරද්දී ..එහා පසින් කිසිදු සද්දයක් නැතිවෙද්දි මන් ආයෙත් ෆෝන් එක දිහා බැලුවේ කට් උනාවත්දා කියලා ..ඒත් නැ තාමත් ලයින් එකේ ඉන්නවා.. හොද හුස්මක් ගත්ත මන්
""හේලෝ.. ඔයා ගත්තේ උවමනාවකට නෙවෙයි නම් මන් තියන්නද..??"""
ඒත් සද්දයක් නැතිකොට ...මොන වීකාරයක්ද ගත්තා නම් කතා කරන්න බැරිද ..?. දවස් ගානකට පස්සෙත් අරන් සද්ද නැතුව ඉද්දි හිතට දැනුනේ තරහක් ..කෝල් එක කට් කරලා දාපු මන් ෆෝන් එකත් ලග තිබුන පුටුව උඩට විසිකරලා දාලා විනාඩ් ගානක් යන්න උනේ නැ. ගේට් එකින් ඇතුලට දැම්මේ එයාගේ වහානේ .. දෙයියනේ එයා අපේ ගෙදර ඇවිත්ද..?? වැරැද්දක් නොකරත් පපුව ගැහෙන්න ගත්තේ මන් එ දිහා බලා ඉද්දි ..ඒත්.... නැ ඒ එයා නෙවෙයි වහානෙන් බැහැලා ගෙ පැත්තට ආවේ.. අයාන් .. හිතේ කොනක එයාව දකින්න තිබුන අශාව එහෙමම නැතිවෙලා යද්දි මන් ආවේ කාමරයට ...
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️