"'''පොලිසියෙන් යකෝ.. ඉක්මනට නැගපල්ලා යන්න.. """
අරුන් ටික කැ ගහගෙන ඉක්මනට යද්දි කල්දේරම් බත් මැවී මැවී පෙද්දි බැලුවේ පොලිස් ජීප් එක දිහා. එක්වරම වාහනේන් බැහැපු රුව දකිද්දී නම් හිතුනා කල්දේරම් බත කෙසේවෙතත් අද මැරෙනකම්ම අම්බානකට කන්න වෙයි කියලා..
"""අහ්හ්හ්""
ඒත් එක්කම මගේ ලගට ආව එයා අත දිගහැරලා කම්මුල පුරා එකක් ගහද්දි නම් තරුත් පෙනුනා.. ගහපු පාරේ සැරට තොලත් පැලිලා ලේ එද්දී මන් බැලුවේ ඒ ඇස් දිහා. කෙන්තියෙන් පුපුරන එ දෑස් දිහා බලන් ඉන්න බැරිකමටම බිම බලද්දී අරුන් දෙන්නත් මොනවද කෑව උගුඩුවෝ වගේ බලන් ඉන්නේ දේව් දිහා. ඔව්ව් ඉතින් උන් දෙන්නා දන්නෙ නැහැනේ මේ යකා පොලිස්කාරයෙක් කියලා
"""තොට ලැජ්ජා නැද්ද යකෝ පාරවල් ගානේ සත්තු වගෙ හැසිරෙන්න අහ්හ්...."""
""'දේව් ටිකක් ඉවසපන්...'"
ඒ එයාත් එක්ක එදා ආව යාලුවා ..""ඉවසන්න .. ඉවසන්නේ කොහොමද බන් මූ කරන වැඩ වලට ...
යකෝ කසාද බැන්දේ අකමැත්තෙන් වෙන්න පුලුවන් ඒත් මහා රෑ ගෙදරින් එලියට යනවද බන්. මූට ටිකක් හිතන්න බැරි උනාද අනිත් මිනිස්සු ගැන.. ""
කිසිම හැගීමක් නැතුව මන් දිහාවත් නොබලපු එයා කියද්දි අරූ තදකරලම ලේ ගලලා රිදුම් දෙන අතත් එක්කම මන් බැලුවේ එයා දිහා..
"'''නගිනවා ගිහින් වාහනේට...''"
"""මන් බයික් එකේ එන්නම් ...""
එයාත් එක්ක යන්න බැ කියලා හිත කියද්දි මන් කිව්වත්
"""එක අතක් ලෙලිගහගත්ත මදිද.?? විනාඩි පහක් දෙන්නම් ඉතුරු උන්වත් යවලා ඇවිත් නගිනවා වහානේට.
අයාන් මන් වහානේ ගන්නම්..උබ ඔන්න ඔය කෙහෙල්මල අරන් වරෙන් ගෙදර ...... ""
සද්දෙන් කිව්ව එයා ගිහින් වහානේට නගිද්දි
"""මොනවද කොල්ලෝ මේ කරගන්නේ අහ්හ්.. උබලා දෙන්නා හනිමූන් යන්න ඕනි වේලාවේ එකෙක් පාරේ ගහාගන්නව අනිකා ඔෆ් ටයිම් එකෙත් වැඩ කරනවා පිස්සු ඩබල් දෙකක්...""
අයාන් මෝඩ හිනාවක් දාලා කියද්දි මන් බැලුවේ අරුන් දෙන්නා දිහා
YOU ARE READING
Beating Heart (Complete )
Non-Fictionදුරස් වන්නට හිතන හැම විට තවත් ලන්වෙනවා... මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා....❤️😓❤️