28 chapter ❤️

6.2K 636 39
                                    

තනිකමේ වේදනව දන්නේ තනිවුන කෙනෙක්ම විතරයි .. නොදැනිම සතියක් කාලයක් ගේවි ගියා.. හැමෝම යන්න යද්දි තට්ටු තුනක් උන මේ පාලු මන්දිරේ මන් තනිවුනේ හරිම අසරනකම්කින් වෙද්දී මගේ තනියට හිටියේ වත්තේ වැඩට ඉන්න වයසක මනුස්සයයි කුස්සියෙ වැඩට ඉන්න අවුරුදු හතලිහක් විතර උන මන් වගේම කාත් කව්රුත් නැති ආන්ටියි විතරක් වෙද්දී .. එදා ගිය දේව් අරුන් දෙන්නා ඉද්දෙන් ඇවිත් ගියත් මාත් එක්ක වචනයක්වත් කතා නොකරද්දි දුකක් දැනුනත් මන් ඒ ගැන හිතන්නේ නැතුව හිටියේ තවත් මේ බැදිම් වල හිරවෙලා විදවන්න ඕනි නැති නිසා.. දැන් මන් හිටියත් එකයි නැතත් එකයි කියලා හිතුනේ.. රෑ වෙලාද උදේ වෙලද කියලවත් හරියට නොදන්න මන් මුලු දවසක්ම ඒ පාලු කාමරයට වෙලා තනියම කල්පනා කරේ වෙන කරන්න දෙයක් නැති නිසා...

පාලුව මකාගන්න රූම් එකේ තිබුන ට්ව් එක දාගත්තත් සතියකට වැඩි කාලයක් ගිහිල්ලත් තවමත් නිව්ස් වලට යන්නේ රටේ ප්‍රබල ඇමතිවරයෙක් උන නලින් පෙරේරාගේ දේශද්‍රෝහි වැඩ ගැන වෙද්දී එවා අහලම එපා උන මන් ට්ව් එකත් වහලා දාලා බැල්කනි එකට එද්දී තමයි දැක්කේ හොදටම රැ වෙලා කියලා .. රෑ අහසත් හරියට මගේ ජිවිතේ වගේ වෙලා කිසිම තරුවක් නැති හද පායලත් නැති හිස්ම හිස් අහසක් වෙලා..විනාඩි ගානක් එතනට වෙලා හිටිය මන් රූම් එක ඇතුලට එද්දී ..

"" බේබි කෑම එක කාමරෙට ගෙනත් දෙන්නද..??..""

මතක ඇති කාලේක ඉදලා අපේ ගෙදර උයන පිහින තැනේ ඉදලා ගෙදර හැම වැඩක්ම අම්මත් එක්ක එකතුවෙලා හොයලා බලලා කරේ ඒ ආන්ට්.. මන් දන්නවා නොකිව්වට එයාටත් මේ වෙච්ච දේවල් දරාගන්න බැ කියලා ..අපේ අම්මා එයාට සැලකුවේ ගෙදර වැඩකාරයා විදිහට නෙවෙයි තමන්ගෙම කෙනෙක් විදිහට ...

"" අ.. මට කන්න බැ ආන්ට්..ඔයා කාලා නිදාගන්න..""

'' ඒත්..බේබි අද දවසටම මොකුත් කලා නැ නේද..?? ටිකක් හරි කන්න බේබ් නැත්නම් ලෙඩ වෙයි.."'

"" අනේ කන්න බැ ආන්ට්.. ඔනි උනොත් මන් බෙදාගෙන කන්නම්.."""

මන් එහෙම කිව්වේ එ මනුස්සයාගේ හිත හැදෙන්න මිසක් මට කන්න බඩගින්නක් මගේ හිත අහලකවත් තිබුන නිසා නෙවෙයි .. එයා යද්දි මන් ටවල් එකත් අරගෙන වොශ් රූම් එකට යන්න යද්දි කෝල් එකක් අවේ වජිරගෙන් එහෙමම ඒක අන්ස්වර් කරපු මන්..

Beating Heart (Complete  )Where stories live. Discover now