32 chapter 💔

5.3K 533 74
                                    

කිසිම බලාපොරොත්තුවක් නැතුව කිසිම අරමුනක් නැතුව එදා ඒ ගෙදරින් එලියට බැහපු මන්.. අවසානේ යන්න තැනක් තිබුනත් ඇවිත් නතර උනේ හිතට පොඩි හරි සහනයක් දැනුන ගිහාන්ගේ ගෙදර .. මගේ හිත හදන්න උන් දෙන්නා නොකිව්ව කතාවක් නැ. ඇත්තටම උන් දෙන්නට පින්සිද්ද වෙන්න මන් තාමත් යහතින් ඉන්නවා.. ඒත්. අදට සතියක් ගෙවිලා ගිහින්. ඔව්..මේ සතියටම මන් ගොඩක් දුක් උනා විදෙව්වා එයාට එහෙම කැ ගැහුව බැනපු එකට මන් හිතින් දහස් වාරයක් සාමව ගත්තා.. එයාට රිද්දන්න ඕනි කියලා හිතුවත් එයාට රිදෙද්දි මට ඊටත් වඩා රිදුනා. ආදරේ හැටි ඒහෙම තමයි .. කෙනෙක් විදවනකොට එයාට පන වගේ ආදරේ කරන අපිටත් ගොඩාක් රිදෙනවා..

ඒතකොට දේව්.. මේ සතිය පුරාම හැම දවසකම දවසට දෙතුන් සැරයක්ම මට දිගින් දිගට කෝල් ගද්දී දැනුන වදකාරි හැගීමට මන් ෆෝන් එකත් එක්ක ඔෆ්ෆ් කරලා දැම්මත්.. ගිහාන්ට, වජිරට කෝල් අරන් මාත් එක්ක කතා කරන්න ඕනි කියලා කිව්වත් මන් එක වචනයක්වත් එයාත් එක්ක කතා නොකරේ හිතේ තිබුන කලකිරිමට මිසක් අදරේ අඩුවක් වෙලා නෙවෙයි .. එයාව ඕනිමයි කියලා හිත කිව්වත් ඒක පිලිගන්න මන් කැමති උනේ නැ.. ගිය දේවල් ගියා යශ් ඉතුරු ටික හරි හොදින් සතුටින් ඉදපන් කියලා මන් හිත හදාගත්තේ ආයෙත් අඩන්න කදුලු පවා දෑස් වල නැති නිසා...

"" යශ්.. මොනවද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ..""

ලොකු කල්පනාවක හිටිය මන් වජිරගෙ හඩට අතේ තිබුන 🍷 වීදුරුවත් පැත්තකින් තියලා ඌ දිහා බැලුවේ ලොකු කාතාවකට ලැස්තිවෙලා ඉන්න උගේ කතවට සවන්දෙන්න හිතාගෙන ..

""මොනවා කරන්නද බන් ඔන්න ඔහේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා..""

"" කාලා හිටියට නම් කමක්නැ ඒත් උබ ඔහොම දවස ගානේ බිලා බේබද්දෙක් වෙනවට නම් මන් ටිකක්වත් කැමති නැ බන්..""

"" අනේ මන්දා බන්. හිතට සහනයක් දැනෙන්නේ මේක බිව්වම විතරයි වජිර .. වැටෙන්න බිව්වම තියන ප්‍රශ්න හැමදෙයක්ම අමතක වෙලා යනවා බන්.."""

"" හ්ම්ම්.. උබ බීපන්..හැබැයි මේ දවස් ටිකේ විතරයි හොදද ඊටප්ස්සේ බැ..""

Beating Heart (Complete  )Where stories live. Discover now