"""අහ්හ්.. මොන මගුලක් වෙලාද ..??""
"""මගුල...මන් කියන්නැ මගුල මොකක්ද කියලා .. මන් තොට කට කැඩෙනකම් කියලා තියනවා අරුත් එක්ක රවුම් ගහන්න යන්න එපා කියලා ..තොට සැරයක් දෙසැරයක් කිව්වම තෙරෙන්නේ නැද්ද බල්ලෝ ආ....😠""
ගෙදර ඇවිත් මිදුලේ අඹ ගහා යට තිබුන ලෑලි බන්කුව උඩ වාඩිවෙලා හිටිය මන් අකුනක් ගැහුවා වගේ විසික් උනේ එක්වරම වැදුන කම්මුල් පාරට...
ඒ වෙන කව්රුත් නෙවෙයි කාලයක් තිස්සේ මන් එපා කියද්දිම මගෙ පස්සෙන් ඇවිත් වද දෙන විනුල්... කොච්චර අකමැති කිව්වත් කොච්චර එපා කිව්වත් ඒ මනුස්සයාට ඒවා බීරී අලියට වීනා වාදනය කරන්නාක් වගේ ...දෙයියනේ ඇයි මෙ මනුස්සයාට කියන දෙයක් තෙරෙන්නේ නැත්තෙ මහා පුදුම වදයක්නේ මේක...
""""මන් කලිනුත් කිව්වා මිස්ටර් විනුල්.. ඒ මගේ යාලුවෙක් විතරයි .. ඔයා හිතන විදිහේ කිසි දෙයක් මෙතන වෙලා නැ .""
"""වෙලා නැති නිසාද එක එකාගේ කරවල් උඩ නැගලා බඩුව වගේ ෆොටෝ ගහන්න ගියේ ආ යකෝ..."""
එයා වියරුවෙන් කැගහද්දි මන් බැලුවේ ගේ පැත්ත. බැරි වෙලාවත් අම්මා මෙතනට ආවොත් ඒ මනුස්සයා මැරිලා යාවි දෙයියනේ කියලා හිත කැ ගහද්දි..අනික මුට මොකද මන් මොකාගෙ කරේ නැගලා හිටියත්.. උ කොහොමද මට එහෙම කැ ගහන්නේ මන් උගේ ගැනි නෙවෙයිනේ ..
"""""මේ මිස්ටර් .. ඉස්සෙල්ලා හරියට කතා කරන්න ඉගෙනගන්නවා .. වැදගත් පවුලක උගත් මනුස්සයෙක් නේද .. අනික මේක මගේ ගෙදර මිසක් ඔයාගේ මාලිගාව නෙවෙයි .. එ නිසා කරුනාකරලා වද නොදි යනවද...?? අනික තමුසෙට එච්චර අයිතියක් කොහෙන්ද මට අත උස්සගෙන එන්න් තරම්..""
මන් කැගහලා නැතත් සද්දෙන් කිව්වේ ගේ ඇතුලේ ඉන්න අම්මට ඇහෙන්නෙ නැතිවෙන්න.. ඉස්කෝලේ ෆැන්ශන් ගිය ගුරුවරියක් උනත් එයාට අනිත් මිනිස්සුන්ට වගේ හන මිටි අදහස් නැතුව සමාජේ ගැන හරි හැටි දැනුමක් තිබුනත් මන් බය උනා මේක දැක්කොත් අසනිපෙන් ඉන්න් එයා ආයෙත් ලෙඩවෙයි කියලා ...
"""අනේ මේ හුත්%#තෝ තෝ එන්න එපා මට කතා කරන විදිහ කියලා දෙන්න...ඇයි බයයිද පුතාගෙ වැඩ ටික අම්මා දැනගනි කියලා එන්න කියපන් උබේ අම්මටත් මන් කියලා දෙන්න මේ අහින්සක මූනක් දාගෙන ඉන්න හුරතල් පුතාගේ වැඩ ගැන....
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️