"" හෙලෝ..""
"" හෙලෝ සර්...කොහෙද ඉන්නේ ඔයා... මන් වැඩ ඉවරයි ... ""
"" හ්ම්ම්... මන් වැඩක් දිනුක.. ඔයා බෝඩිමට යන්න .."'
"" ඇයි මාත් එක්ක කතා කරන්නවත් කැමති නැද්ද දැන් ම්ම්.??""
"" එහෙම දෙයක් නැ..මට වැඩ ගොඩයි එකයි.. පස්සේ ගන්නම්..පරිස්සමෙන් යන්න...""
"" ඒත්..සර්..අද මන්..නදු...""
"" දිනුක..ප්ලීස් .. මන් වැඩක ඉන්නේ කිව්වනේ ... මන් තියනවා පස්සේ ගන්නම්..""
"" සර්.මෙ...""
නැ මට කියලා ඉවර කරන්න උනේ නැ එයා කොල් එක කට් කරලා දැම්මා..
අද දවසටම එයා ඔෆිස් ආවෙත් නැ..ඊටත් වඩා වර්ශ අයියා කිව්ව දේවල් මගේ හිත ඇතුලේ යුද්ද කරා..
එහෙම නැ එහෙම තමයි කියලා මගෙ උඩහිතයි යටි හිතයි එයාගේ මතක එහෙට මෙහෙට දෙපැත්තකට අදිද්දී ..
දවසම අමාරුවෙන් වැඩ ටික කරේ ඔෆ්වෙලා හරි එයාට කතා කරන්න ඕනි කියලා හිතලා උනත්..එයාගේ හැසිරීම මාව තවත් පිස්සු වැට්ටුවා ..
හැමදාම ආදරෙන් ශාන් කියපු එයාට කලෙකින් ආයෙත් මාව දිනුක වෙලා තිබුනා.. එතකොට මට දැනුනෙ ගොඩාක් දුරස්බවක්...
"' මේ.. යමන් බන්.. මොනවද අහස පොලව ගැටගහගෙන කල්පනා කරන්නේ ..."
ඔෆිස් එකෙනුත් එලියට ඇවිත් පාර අයිනට වෙලා හිටියෙ නදුන් අයියා බයික් එක අරන් එනකම් උනත්..එයා ලගට එනකනුත් මට දැනුනේ නැත්තේ මන් තවමත් එයා ආයේ ගනිවි අඩුම තරමේ එකම එක මැසෙජ් එකක් හරි එවයි කියලා මග බලන් හිටිය නිසා වෙන්න ඇති ...
"" අහ්හ්.. සොරි බන්.. යමු..""
මන් දැස් අග තිබුන කදුලු බින්දුවක් පිහිදගත්තේ නදුන් අයියා පුදුමෙන් වගෙ බලන් ඉද්දි ..ඒත් උ එක නොදැක්ක ගානට ඔලුව දෙපසට කරලා හෙල්මට් එක මට දුන්නේ මේක දාගෙන නැගපන් කියන්න වගේ.. මන් එහෙමම හෙල්මට් එකත් දාගෙන නැන්ගා...
*********
"" පලයන් ගිහින් හොද කොල්ලා වගේ ඇදුමක් දාගෙන වරෙන් මාත් එක්ක අපෙ ගෙදර යන්න .."'
බෝඩිම ලග බයික් එකනතර කරපු ඌ කියද්දි මන් හිනාවුනේ තවත් අඩන්න බැරි නිසා..
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️