"" අනේ සොරි නුවන්.. එන්න පරක්කු උනාට..වැඩ ගොඩාක් තිබුනා එකයි ..""
"" අනේ කමක්නැ අයියා.. මන් ඒත් හිතුවා එන එකක් නැතුව ඇති කියලා ..""
"" එහෙම නැවිත් ඉන්නවද බන් ...මන් ඔය අනිත් අය වගෙ වචන දෙකෙ මිනිහෙක් නෙවෙයි කිව්වොත් අනිවාර්යයෙන්ම එනවා..හැබැයි ඉතින් මනමාල ජොඩුව ගියාට පස්සේ තමයි එන්න උනේ..."""
මාව ගනන් නොගත්ත එයා නුවන් එක්ක කතා කරද්දී අර ගැනු ලමයා තාමත් එයාගේ අතේ එල්ලිලා විරිත්තගෙන හිටියේ හරියට ගමකට ආව පලවෙනි වතාව වගේ..
කොටට කොටෙ චුටි ගවුම් කැල්ලකුත් ඇදගෙන කර ගාවට වෙනකම් විතරක් දිගට තිබුන කොන්ඩේ කඩා දාගෙන මේකප් වලින් පිරිලා ඉන්න එකිව දකිද්දී දෙන්න හිතුනා එ විරිත්තලා හිනාවෙන දත් සෙට් එක බඩට යන්න..
ඇයි අප්පා.. අරූටත් මොකද ඉතින් ඔහේ එල්ලන් හිටියා නිකන් පන්මල්ල එල්ලගත්තා වගේ ....
"" ශාන් මල්ලි.. උබ මටවත් කියන්නෙ නැතුව අවා නේද..මාර එකෙක් තමයි උබ.. ""
වර්ශ අයියා කිව්වේ මගෙ දිහා බලලා උනත් අරු නෙවෙයි හැරිලාවත් බැලුවේ .. මොනා කරන්නද කියලා හිතා ගන්න බැ මට....
ඒත් මන් වෙනසක් නොකරම හිනා උනේ එයාට එහෙම ඉන්න පුලුවන් නම් මන් මොකටද නිකන් නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ ඉන්නේ කියලා හිතලා උනත් පපුව ඇතුලේ දැවෙන වේදනාව දන්නේ මගෙ හිතම විතරයි ...
තමන් ආදරය කරන කෙනා ඇස් ඉස්සරහම වෙන ගැනියෙක්ව අතේ එල්ලගෙන ඉද්දි මොන මිනිහද දෙයියනේ ඉවසගෙන ඉන්නේ..
මගෙ මුලු පපුවම රිදෙන්න ගත්තා... වේදනාවට හිතුනේ මෙතනම මැරිලා යාවි වගෙ හැගීමක් උනත් එයා ඉස්සරහා මන් අඩන්නේ නැති ශක්තිමත් කෙනෙක් වගෙ හිටියේ ලොකු වෑයමකින්..
"" හ්ම්ම්..ඔව් අයියා..හදිස්සියේ එන්න උනා.. ""
මන් කිව්වේ එච්චරයි ..එ වගේ මිනිස්සු එක්ක තවත් මොනා කතා කරන්නද ..මට දැනුනේ එ හැමෝම ගැන කලකිරීමක් විතරයි ..
"" මේ අක්කා කවුද අයියා....??""
මන් හිතුවා ඕකා දැන් ඔය කතාව අහනවාමයි කියලා ..මොකද ඉතින් මට වඩා උවමනාවක් තිබුනේ ඌටනේ ...
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️