12 chapter

2.9K 372 55
                                    

"""අම්මා.....""""

"""දෙයියනේ චුටි..... ඔයා කොයි වෙලාවෙද ආවේ රත්තරන් .... කිව්වෙත් නැහැනේ පුතේ...""

""දැනුයි ආවේ අම්මා...මන් ඉතින් ඔයාව ටිකක් පුදුම කරවන්න හිතන් ආවේ....කොහෙද ඉතින් ඔයා මන් එද්දී දොරත් වහලා දාලා ගිහින්නේ... මන් ඉතින් අව්වෙ කරවි කරවි මිදුලට වෙලා හිටිය ඔයා එනකම්ම....""

"""අනේ රත්තරන් මන් අනුලා නැන්දත් එක්ක පොතට බෙහෙත් ගන්න ගියේ පුතේ..අද සිකුරාදා දවසනේ... දෙයියනේ අතට මොකක්ද උනෙ චුටි පුතා...."""

"""අ..මේ...ඒක මේ ලොකු දෙයක් නෙවෙයි අම්මා...ටිකක් කැපිලා දැන් හොදයි .... ""

අම්මෝ...මාසෙකෙන් විතර පස්සේ ගෙදරට අඩිය තියද්දී දැනුන සතුට සැනසීම මෙහෙමයි කියලා නිම කරන්න බැරිතරම්..... ඊයේ සිද්ද උන දේත් එක්ක ඔෆිස් නොයා ලිව් ෆෝම් පුරවන්නෙත් නැතුව නිවාඩු ගන්න අවසරේ බලෙන්ම වගේ විනුල් දෙද්දි.....නදුන් අයියටත් කෝල් එකක් දීලා.. තවත් මොකටද නිකන් අතට ලැබුන චාන්ස් එක මිස් කරගන්නෙ කියලා ගොඩාක් කල් අම්මව බලන්නත් බරිවුන නිසා එයාටත් නොකියම ගෙදර ආවේ එයාව පුදුම කරන්න උනත් .... මන් එද්දී එයා හිටියෙ නැති නිසා යතුර තියන තැන දන්නවා උනත් ගෙ ඇතුලට නොයා එලියට වෙලා හිටියේ අම්ම නැති එක විනඩියක් උනත් මට දැනුනෙ මුසල හැගිමක් වගෙ නිසා...

දෙයියනේ කියලා පැයක් විතර අව්වේ කරවි කරවි මනොපාරක් ගහහෙන හිටිය මන් ඈතින් ඉහින් කටින් දාඩ්ය පෙරාගෙන එන වලව්වෙ හාමු වගේ ඉන්න අම්මව දකිද්දී දැනුනේ සතුටක්....කලින් ඉස්කොලෙ පුරුද්දට ඔසරිය ඇදගෙන එකෙ පොටින් දාඩිය පිහදගෙන එන එයාව දැක්කම පපුව පිච්චිලා ගියා දෙයියනේ .. දුර තියාම එයා දැක්ක මන් හයියෙන් ""අම්මා"" කියලා කතා කරද්දී මෙච්චර වෙලා මැලවිලා තිබුන මුන පුර හද පැයුවා වගේ ලස්සන වෙලා එලිය වෙන්න ගියෙ තත්පරයයි ....

ලගට ඇවිත් පුදුමෙන් වගෙ මාව බදාගත්ත එයා මගෙ අත දකිද්දී නම් ආයෙත් අදුරුවෙද්දි මට කියාගන්න දෙයක් නැතිබුනා...කොහොම කියන්නදා අරුත් එක්ක තිබුන තරහට අත කපාගත්තා කියන්න ඇයි ....??එ නිසාමයි ඕන මෝඩයෙක් කියලා දාන බොරුව මාත් කියලා දැම්මේ.

Second chance 😓❤️😓 (Complete )Donde viven las historias. Descúbrelo ahora