5 chapter

2.7K 385 106
                                    

"" හේයි දිනුක .... එනවද යන්න...?""

එකවරම මගෙ ලගින්ම නතර කරපු කලු පාට කාර් එක දිහා බලද්දී දැනුනේ හුරු පුරුදු බවක්.... ඒ එයා..ඔව් එ එයාගේ කාර් එක ...විනුල් එත් එයා මොකද මේ පාරෙන් යන්නේ එයාලගෙ ගෙවල් මේ පැත්තේ නෙවෙයිනේ කියලා හිත කියද්දිම ඇහුන කට හඩින් මන් ගැස්සිලා ගියේ කිසිසෙත්ම බලාපොරොත්තු නොවුන හඩක් රුපයක් ඒ කාර් ඇතුලින් ඇහෙද්දි පෙනෙද්දි ...

"" රශ්ම්...""

කාර් එකේ විදුරු ජනේලෙන් ඔලුව දාගෙන නෝන්ඩියට වගේ කතා කරපු රශ්මිව දකිද්දී දැනුනේ පපුවට පිහියකින් ඇන්නා වගේ  හැගීමක්.... ඇත්තමයි දෙකක් අනින්න හිතුනා එකිගෙ එ ජිරාෆ් වගෙ තියන බෙල්ල ගැලවිලා අතට එන්න... ඇයි යකෝ මගේ මිනිහගේ කාර් එකෙ ඉදලා මටම කතා කරද්දී මල පනින්නේ නැද්ද .....??

"" දැන් කියපන්කො බලන්න උ උබේ උනේ කවදා ඉදලද කියලා ....???""

අහ්හ් මට නම් දැන් හොදටම පිස්සු .....හිතට ආව හැගීම් හිත ඇතුලෙම හිරකරගෙන එකී දැම්ම  නෝන්ඩි හිනාවම එකිටත් අනිත් පැත්තට දුන්නේ එකිගේ මේකප් මුන ටිකක් අවුල් යද්දී ......දන්නෑ හේතුවක් ඒත් මට හිතෙන්නෙම එයා මට රිද්දන්න ඕනි නිසාම මෙහෙම කරනවා කියලා ...නැත්නම් ඉතින් මේ උදේම ඔය ගැනිව ඕකට නන්ගගත්තා නම් සද්ද නැතුව පලකෝ... මොන රෙද්ද්කටද මට කතා කරන්නේ.....ඔය වේලාවට තමයි ඉතින් මරාගෙන මැරෙන්න හිතෙන්නේ...

"" අහ්.. නැ..ඔන්නෑ රශ්මි ඔයාගෙත් අසාවනේ කාර් එකක යන්න... ඉතින් ඔයා යන්න ... මට මේ පුරුදු බස් එක හොදයි... ""

""අයියෝ ඔයා මෙතන වේලි වේලි ඉන්නවා දැකලා පව් කියලා හිතුනා...එකයි කතා කරේ දිනුක...""

ඇත්තමයි මට ඔය වෙලාවට තමයි වදුරු කුනුහරප ඔක්කොම එක දිගට මතක්වෙන්නේ.. ඇයි යකෝ මොකාද වේලි වෙලි හිටියේ ...අම්මපා මට කියන්න හිතුනා මොකක්ද වේලි වේලි තියෙන්නේ කියලා ඒත් ඉතින් මෙ පාරේ ඔවා කියන්න ගියොත් හන්දියේ මිනිස්සු මන් ගැන හිතාගෙන ඉන්න හොද චරිත සහතිකේ ඔක්කොම සායම් ටික සෙදිලා යන නිසා අමාරුවෙන් කටට ආව වචන ටික පාලනය කරගෙන...

"""අනේ ඕන්නෑ රශ්මි ..මන් කිව්වෙ නැහැනේ ඔයාලට මාවත් ඕක අස්සේ දාගෙන යන්න කියලා ....එ නිසා මට පුරුදු බස් එක හොදයි...මට කාටවත් වදයක් වෙලා පුරුද්දක් නැ ඔයාලට වගේ........

Second chance 😓❤️😓 (Complete )Donde viven las historias. Descúbrelo ahora