"" ඉක්මනට නගිනවා...""
""ඇයි...එ..මට බැ...""
""ශාන්න්...""
"""මොකද...දැන් තරහා අය සමාදාන වෙලාද..??""
""නගිනවා ඕයි ඉක්මනට ...මන් විතරක් නෙවෙයි පාරේ යන්නේ පිටිපස්සේ තව වාහන තියනවා...""
එයාගෙ කාර් එකට පිටුපසින් නතරකරලා තිබුන වාහන වල හෝන් සද්දෙ ඇහිලා එයා කියද්දි ...
""අපෝ හරි හරි අප්පා ... ඕකට ඔච්චර රවන්න ඕනි නැහැනේ ...""'
වැඩ ඇරිලා පාරට එනවත් එක්කම වේගයෙන් ඇවිත් මගේ ඇගෙ ගැවී නොගැවි වාහනේ නතර කරේ වෙන කව්රුත් නෙවෙයි විනුල්... කාර් එකේ ග්ලාස් එක පහත් කරපු ඒ හිනා පොදක් නැති මුනත් එක්කම ඔරවගෙන කියද්දි මට පුදුමත් හිතුනා...
කවදාවත් නැතුව මෙයා මොකටද දන්නෑ අද මාව එක්ක යන්න අවේ.. කොහෙද ඉතින් අර නදුනයත් ගියානෙ පොඩි එකාට බෙහෙත් ගන්න ඕනි කියලා ..
එක අතකින් ඒකත් හොදයි බොඩිමට යන්න හිත දුන්නෙත් නැ අර පොඩි එකාව මතක් වෙද්දී ... වාහනෙට නගින්න මොකක්ද වගෙ හිතෙද්දි ...අනෙ උ මාව මරන එකක් නැහැනේ කියලා හිතලා නැන්ගා...
දවල් කොච්චර කට ගහගෙන ගියත් තනියම මෙයාව දකිද්දී නම් සත්තයි මුලු හිතම අමුතු බයකින් පිරිලා ගියා...."" කොහෙද යන්නෙ....??""
විනාඩි ගානක් ගිහිල්ලත් සද්දයක් නැතුව ඔහෙ වාහනේ ඩ්රයිව් කරන එයාගෙන් මන් ඇහුවත් ඇහුනෙ නැති ගානට මගෙ දිහාවත් නොබලා යන එයාව දකිද්දී මගෙ මුලු හිතම රිදුම් දුන්නා..
ඇයි දෙයියනේ දෙයක් උනා තමයි ඒත් ඒකම මතක් කරගෙන එක පස්සෙම පන්න පන්න පලිගන්න ඕනි නැහැනේ ... මාත් මනුස්සයෙක්නෙ අප්පා....
"" "" ඔයාට මාත් එක්ක කතා කරන්නත් බැරි නම්.. යන්නෙ කොහෙද කියලා කියන්නත් බැරි නම්... අර ඉස්සරහා බස් හොල්ට් එක ලගින් මාව දාලා යන්න .. ""
හිත ඇතුලෛන් පුරුදු විදිහටම උඩට එන්න දගලන වේදනාවත් එක්කම කියද්දි එයා යාන්නතමින් මන් දිහා හැරිලා බලලා ආයෙත් ඉස්සරහා බලාගත්තා.... අනේ අම්මපා මුන්ගේ ගනන්..සල්ලිකාරයෝ හැම එකෙක්ම ඔය වගෙද දන්නෑ ..
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️