මන් දුවගෙන ගියේ පාර පැත්තට.. ගෙදර මිදුලෙ ඉදලා වැට අයිනට එන්නත් මට ගොඩාක් වෙලා ගියා කියලා දැනුනේ මගෙ හිත කලබල වෙලා තිබුන නිසා වෙන්න ඇති..
කරුවල නිසා හැමදේම පැහැදිලව නොපෙනුනත් මගුල් ගෙදර නිසා පාරෙත් ටිකක් දුරට යනකම් එල්ලලා තිබුන විදුලි බුබුලු නිසා මුලු පලාතම අමුතුම එලියක් වැටිලා තිබුනේ..ඒක නිකන් හරියට රොමැන්ටික් ගතියකින් පිරිලා තියෙනවා වගෙ මට දැනුනේ ..
මන් එයාගේ කාර් එකට ටිකක් මෙහායින් ඉදලා ඉනට අත් දෙකම තියන් මහන්සි ඇරියේ එයා ලගට එකපාරටම යන්න හිත අදි මදි කරපු නිසා..ඊටත් වඩා මන් එයාට කිව්ව දේවල් මතක් වෙද්දී මගෙ හිත අපහාසුතාවයට පත් උන නිසා..
වාහනේට හේත්තුවෙලා හිටිය එයාගෙ ඇගිලි අතර රැදිලා තිබුනේ සිගරට් එකක්.. ලා අදුරේ උනත් එකෙන් පිටවෙලා යන දුම්පාර මට හොදට පෙනුනා..
ඒත් එ හැසීරිම ගැන නම් මගෙ හිත එච්චර කැමති උනේ නැ.. ඇත්තටම ඒ ඒක හොද පුරුද්දක් නොවෙන නිසා.. ඊටත් වඩා මන් මීට කලින් කවදාවත් එයා ස්මෝක් කරනවා දැකලා තිබුනෙත් නැ..
කරන්න ඕනි මොනවද කියලා හිතාගන්න බැරි වෙද්දී මන් ගිහින් නැවතුනේ එයා ලගින්ම එ කාර් එකට හෙත්තුවෙලා ...
විනාඩිගාක්ම එහෙමම ගෙවිලා ගියත් එයාවත් මමවත් එකම එක වචනයක් කතා කරේ නැ..
තවත් සද්ද නැතුව හිටියොත් මන් දන්නවා එයා කොහොමත් කතා කරන්නේ නැ කියලා ..එ නිසාම මන් ඉස්සර උනා..
"" සර්...""
""ම්ම්ම්...""
මන් කතා කරත් එයා මන් දිහා බැලුවෙ නැ..එ මුනේ එ වේලාවෙ තිබුන හැගීම් මොනවද කියලා මන් හිතන්න ගියෙත් නැ..
ඒත් මට තෙරුනා එයා ඉන්නේ හැමදෙයක්ම එපා උනා වගෙ හැගීමකින් කියලා ..
"" sorry..""
"" මොකටද..??""
"" ම...මන්..ඔ...ඔයාව වැරදියට තේරුම් ගත්තට.. අනික සර් ඇත්තටම මන් හිතුවේ එදා ඔයා අර අක්කව මැරි කරනවා කිව්වේ ඇත්තටම කියලා ..ඒකයි මන් එහෙ..."""
"" හ්ම්ම්.. ඉතින් දිනුක හිත හදාගත්තා නේද..??""
මන් කියන්න ගිය දේ ඉවර කරන්නත් කලින් එයා මගින් කතාව නතර කරලා අතෙ තිබුන සිගරට් එකත් පැත්තකට විසි කරලා දලා අන්තිම දුම් පොදත් පිට කරලා දැම්මේ මන් දිහා බලාගෙනම..
ESTÁS LEYENDO
Second chance 😓❤️😓 (Complete )
No Ficciónරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️