සතුට කියනදේ මේ තියෙනවා මෙ නැතිවෙනවා..ජිවත් වෙද්දී අපිට මොනවා නැතත් අඩුවක් නැතුව එ දෙවල් නම් ගානට ලැබේනවා..ඒත් දුක සතුට දෙකම දාරාගෙන ඉස්සරහට යන්න හැමෝටම බැ. සමහර මටත් එහෙම වෙන්න තිබුනා මගේ වටේ මට ආදරේ කරන අය හිටියේ නැත්නම් ...
ආදරේ කරන එක හිතන තරම් ලේසි නැ කියලා හිතුනේ ආදරේ කරන්න පටන් ගත්ත දවසේ ඉදලමයි..
මුලදි ලස්සනට තිබුනත් යන්න යන්න එන ප්රශ්න බාදක ගොඩාක් වැඩි..එත් එ හැමදෙයක්ම දාරාගෙන ඉස්සරහට යන්න මන් හිත හදාගත්තේ එයාගේ ආදරේ නිසාමයි...
"" මේ දොර අරිනවා ඕයි.."
අහ්හ්..මෙ මිනිහා නම් ඇත්තමයි මොකෙක්ද මන්දා..
හවස මාව බලන්න එනවා කිව්ව මිනිහට ඔන්න දැන් තමයි මාව මතක්වෙලා උඩ දාගෙන ඇවිත් තියෙන්නේ ..
කිව්වේ නම් කොහොමද හවස එන්නම් කියලා එත් දැන් වේලාව කියද.. අටත් පහුවෙලා..
මන් එහෙමම දොර අරිද්දි දැක්ක දෙයින් මගේ ඇස් දෙකත් ලොකු උනා..
යකෝ මේකා මෙ මහා රැ මොන මගුලක යන්නද මෙච්චර මෙ කුමාරයෙක් වගෙ ඇදගෙන ඉන්නේ..
අම්මෝ ශාන්..උඩට ගත්ත හුස්ම පහලට දාපන් නැත්නම් ඔක්කොටම කලින් උබට මෝචරිය පැත්තේ රවුමක් දාන්න තමයි යන්න වෙන්නේ..
""මොකො තමුසෙ ඔහොම බලන් ඉන්නේ.. මන් ඇතුලට එන්නද එපාද..??
"" ම්ම්.. "'
මෙයාගෙ ලස්සන බලනවකෝ අප්පා..ඉරිසියත් හිතුනා එයාව දකිද්දී ..ඒත් ලොකු ආඩම්බරයකුත් දැනුන එයා මගෙ නේද කියලා මතක්වෙද්දි ...
"" මොකද කරේ මේක අස්සට වෙලා දොර වහාගෙන.."'
"' මොකුත් නැ..හොර මිනිහත් එක්ක ලව් කරා..""
"" ශාන්න්..'"
"' හරි ඉතින් විහිලුවක්නේ කරෙ..ඔයා කොහේ හරි යන්නද...??""
එයා මගෙ ඇදෙන් ඉදගද්දි මන් ඇහුවා..
"" හ්ම්ම්.ඔව්.පාටි එකකට.."
"" කොහේද..??"'
"" ඒක මොකටද උබට..""
"' අහ්හ්..සොරි ..වැරදිලා ඇහුවේ .. "'
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️