"" ඒ අයියා..ඔයාට මැසෙජ් එකක් ආවා...මන් ඒක බලනවො...""
කාමරේ අයිනට වෙන්න හදලා තිබුන චුටි කුස්සියට ඇව්ත් අත සොදද්දි අරු කියපු එකට ඇගත් එක්ක මොකක්ද වෙලා කටපුරාම හිනාවක් ගියෙ මට මාවම විහිලුවක් වෙලා වගේ දැනෙද්දී .... කවදාවත් නැතුව මට මැසෙජ් කරපු කෙනා කවුද කියලා හිතට එද්දි.....ඔනේ එකක් ඔන්න ඔහෙ බලපුවාවේ ....මොකද ඉතින් මට ලව් මැසෙජ් එවන්න කව්රුත් නැහැනෙ.....මන් මොකුත් නොකියාම සද්ද නැතුව අයෙත් සැරයක් අත සෙදුවේ බත් එක කාලත් අරුත් එක්ක පැයගානක් බයිල ගගහා හිටිය එකෙන් අතේ ඉදුල් ටික පවා වේලිලා ගිහින් තියෙද්දි ...
"' මොකක්ද මැසෙජ් එක...ශුවර් එකටම කම්පැනි එකක් වෙන්න ඇති ...""
මන් යද්දිත් මොකෙක්ද එකෙක් වගේ ෆෝන් එක දිහා පුදුමෙන් බලන් ඉන්න කොල්ලව දකිද්දී මාත් ඉක්මනට උ ලගට ගියේ මු මෙච්චර පුදුම වෙලා බලන්න තරම් ආව මැසෙජ් එක මොකක්ද කියලා ..
"" මොකද බන් පුදුම වෙලා බලන් ඉන්නේ ඕකේ නිදානයක්වත් තියෙනවද...""
මන් එයාගෙ ඔලුවට එකක් ගහල අහද්දි අමුතු හිනාවක් දැම්ම උ
"' ඒ මට ඇත්ත කියනව තමුසෙට ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නවා නේද ...??""
"'පුහ්හ්හ්....ඇ.. පිස්සුද බන්....මට කොහෙන්ද කෙල්ලෙක්..""
"" නැත්නම් කවුද මේ ඉක්මනට ඔෆිස් එන්න කියලා මැසෙජ් එකක් දාල තියෙන්නේ . ??"
"" මට... කෝ කවුද ...දියන් බලන්න මාව ඔෆිස් ගෙන්න ගන්න ඔච්චර මග බලන් ඉන්න එකා කවුද බලන්න...."""
එයා කියද්දි මන් උගෙ අතෙ තිබුන ෆෝන් එක ඇදලා අරගෙන එයා ලගින්ම එහා පැත්තෙන් වාඩි උනේ මැසෙජ් එක බලන ගමන්... විනුල්ගෙන් මැසෙජ් එකක් ..එත් එ යකා මොකටද මට එන්න කියන්නේ...අනික දැන් වෙන්න ඇති මතක් වෙන්න ඇත්තේ...
එදා සිද්දියෙන් පස්සේ නොදැනිම දවස් දෙක තුනක්ම සාමන්‍ය විදිහට ගෙවිලා ගියේ හීයක වේගයෙන්...
හිතේ තිබුන හැගීම් පාලනය කරගන්න බැරිව එදා චන්ඩියා වගේ එයාව බලෙන්ම කිස් කරත්...අනිත් පහුවදා තමයි කරපු මෝඩ තකතීරු වැඩේ රගේ තේරුනේ... වැඩට යන්නේ නැතුව ඉන්න හිතුනත් ඒක කරන්නත් බැරි නිසා ගියත්.. ඔෆිස් එකට ගිහින් වැඩියෙන්ම කරේ හොර ගල් අහුලපු එක..
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️