දන්නෙම නැතුව නිවාඩු දවස් දෙකත් ඉවරවෙලා ගෙවිලා ගියෙ හරිම ඉක්මනට ... වෙනදා නිවාඩු ඉවරවෙලා පාන්දරම බොඩිමට එන්නෙ වැඩට යන්න බලාගෙනම උනත් මන් කවදාවත් නැතුව ඉයේ හවසම ආවේ අර පිස්සු යකාව මතක් උන නිසා.....
කවදාවත් නැති තරම් සැහැල්ලු මනසකින් උදෙන්ම අවදිවෙලා .... ෆෝන් එක අරන් බැලුවෙ කොච්චර එපා කිව්වත් එ නපුරට කෝල් එකක් ගන්න කොහෙද ඉතින් එ මගුල වැඩ කරේ නැනෙ... ඇයි දෙයියනේ මෙහෙම කරන්නෙ... හරි ඉතින් වැරැද්දක් උනා තමයි එත් ඉතින් ඔහොම තරහා වෙන්න ඕනි නැහැනේ මගුල...
""කමක්නැ පුතෝ ඔයා ඔහොම කරන්නකෝ ඔෆිස් එකේදි බලාගමු කොහොමද මාව මග හැරලා ඉන්නේ කියලා ...."""
මටම කියාගත්ත මන් අතෙ තිබුන ෆෝන් එකත් ඇදට විසි කරලා දැම්මේ කේන්තියටම ඇයි දෙයියනේ ඔහොමත් නපුරු වෙන්න ඕනිද....
එහෙමම වොශ් රූම් එකට ගිහින් ඇගත් සෝදගෙන ඇවිත් අතෙ තිබුන තුවාලේ හොදටම හොද නැති උනත් දැන් නම් එ අත තිබුනටත් වඩා ගොඩක් හොදයි ... බැග් එකේ තිබුන ප්ලාස්ටර් එකකුත් අරන් තුවාලේ වැහෙන්න අලවගත්තා නැත්නම් ඉතින් ඔය මගුල ආයේ පැරුනොතාත් ආයෙත් සැරයක් මටමනෙ විදවන්න වෙන්නේ..... වෙනදාටත් වඩා ගොඩාක් වෙලා කන්නාඩිය ඉස්සරහා හිටියාදෝ කියලත් හිතුනා ...හැමදාම නීට් එකට ගිය මට අද හිතුනෙම ඒත් මදි වගෙ හැගීමක්....
අහ්හ්...උබට පිස්සුද යකෝ...හැමදාම යන විදිහට අදත් පලයන් යන්න....අද විතරක් මොකටද උබ තොරන් බලන්න යන්න වගේ හැඩ වෙන්නේ උබ කොහොම හිටියත් පට්ට ලස්සනයි තමයි .....
මන් අඩියට දෙකට එලියට බැහැලා දොර වහද්දි අර පොඩි බැට්ටරයා උදේ පාන්දර ගේ ඉස්සරහම තිබුන පේර ගහේ නැගගෙන පෙර ගෙඩියක් කනවා රිලවෙක් වගේ ඒත් ඒ මුනේ කලින් තිබුන හිනාව එ කියවිල්ල හොරු අරන් ගිහින් වගේ තිබුනා .........
""ඒ රිලා පැටියෝ ගුඩ් මොර්නින් ..""
""මොර්නින්...""
මන් වෙනදා පුරුද්දටම හිනාවෙලා කිව්වත් මේකා නෙවෙයි මගේ මුන දිහාවත් හැරිලා බැලුවෙ... අහක බලාගෙනම මොර්නින් විතරක් කියපු එකා එහෙමම ඉද්දි මන් පරක්කු උනත් කමක් නැ කියලා ලගටම ගියේ මුට මොනව වෙලාද කියලා බලන්න....
YOU ARE READING
Second chance 😓❤️😓 (Complete )
Non-Fictionරත්තරන් මේ ඉඩොරෙ ගෙවිලා යන්න යාවි දවසක... වසන්තය ආයේ එන්නේ මේ ඉඩොරයත් මකාගෙන . .. ❤️❤️❤️