4 chapter

4.8K 530 50
                                    

බෝඩිමට ආවත් වෙනදා හිතට දැනුන නිදහස සැනසීම දැනුනේ නැ.. ඇදගෙන හිටිය ඇදුම්වත් මාරු නොකර ඇදට වැටුනේ දාහකුත් දේවල් ඔලුව ඇතුලේ  වද දෙද්දි ... ඒ නිසාමද මන්දා දැනුන ඔලුව කැක්කුම නිසාම ඇදේ හාන්සි උනේ ටිකක් වෙලා නිදාගන්න ඕනි කියලා හිතාගෙන..

***********

කව්රු හරි දොරට ගහන සද්දෙට මන් ගැස්සිලා වගෙ ඇහැරුනත්.. තිබුන ඔලුව කැක්කුම තවත් වැඩි වෙලාදෝ කියලා හිතුනේ ඉදිකටු තුඩකින් අනිනවා වගේ හැගීමක්  හිසින් දැනෙද්දී .. වේලාව බලද්දී රැ අටටත් ලගයි..

"" දෙයියනේ මෙච්චර වෙලා මට නින්දගියාද.""

. නිදාගෙන ඉදලා අවුල්වෙලා තිබුන ශර්ට් එකත් අතින් හදාගත්ත මන් එහෙමම දොර ලගට ගිහින් දොර ඇරියේ මේ රැ වෙලා කවුද බල්න්න..

"" ාහ් පුතා..කරදරයක් නැ නේද..?? අද කිසිම සද්දයක් නැති නිසා මන් ආවේ ටිකක් බලන්න.. ""

දොර ලග හිටියේ බෝඩිම අයිති ඇන්ටි.. එයාලගෙ ගෙදරට අඩි දහයක් විස්සක් විතර දුරින් මන් ඉන්න චුටි ගෙදර හදලා තිබුනේ.. කියන්න දෙයක් නැ හරිම හිත හොද මිනිස්සු .. ආව දවසේ ඉදලා කිසිම වෙනසක් නොකර මාත් එක්ක කතා කරලා අඩු පාඩු පවා වේලාවකට හොයලා බැලුවේ මගේ අම්මව මට සිහිවෙද්දි ...හැබැයි ඉතින් ආන්ටි තනිකරම චීත්ත ගොඩාක්.. වේලාවකට ඕනි එකයි එපා එකයි හොයද්දි නම් එනවා හොද වචන ටිකක් කටට ඒත් ඉතින් මොනා කරන්නද ඉවසගෙන ඉන්නවා මොකද හදිස්සියට උනත් පිහිටවෙන්න ඉන්නේ එ මිනිස්සුනෙ..

"" අනේ අවුලක් නැ අන්ට්.. අද ටිකක් වැඩ වැඩි.....එ නිසාද මන්දා ඔලුව කැක්කුමයි ටිකක් වෙලා නිදාගත්තා....දන්නෙම නැතුව නින්ද ගිහින් ආන්ටි එකයි එ පැත්තෙ එන්න බැරිඋනේ...""

"" ඒක තමයි මන් ඒත් බැලුවා හැමදාම හවසට ගෙදර පැත්තෙ එන ලමයා අද මොකො නාවේ කියලා .... අමාරු නම් අද උයන්න යන්න එපා මන් කෑම එකක් එවන්නම් මල්ලි අතේ..""

""පුලුවන් නම් ලොකු උදව්වක් ආන්ටි.. ""

"" ඕක මොකක්ද ලමයෝ.. ටිකක් ඇගපත සොදගෙන පැනඩොල් දෙකක්වත් බොන්න....මන් තව ටිකකින් මල්ලි අතේ කෑම එකක් එවන්නම්.. ""

Second chance 😓❤️😓 (Complete )Where stories live. Discover now