2 chapter

3.1K 417 77
                                    

අවුරුද්දකට පසු...
******************

ජිවිතේ හරි පුදුමයි.. හරියට කාලගුනේ වගේ විටින් විට වෙනස් වෙන මේ ජිවිතේ මේ හැගීම් එක්ක මන් තාමත් එකම තැන ... ඔව්.  එක අඩියක්වත් ඉස්සරහට ගිහින් නැ .. වේලාවකට හිතෙනවා මිනිස්සුන්ට ඕනි හැමදෙයක්ම ඒ විදිහටම ලැබුනා නම්  ජිවිතේ හරිම නීරසයි කියලා .... මොකද එතකොට කිසිම දෙයක් ගැන අගයක් දැනෙන්නෙ නැ... දෙයක් නැතිවෙන්නම ඕනි ඒ දේ කොච්චර නම් වටිනවදා කියලා දැනෙන්න.....එතකොට තමයි ලග ඉද්දි දැනුනේ නැති වටිනාකම හොදටම දැනෙන්නේ..... හරියට මීට අවුරුද්දකට කලින් මට උනා වගේ..

ලග ඉද්දි නොදැනුන තබේකට මායිම් නොකරපු එයාගේ ආදරේ වගේ.. අවුරුද්දක් තිස්සේ වද දිදි පස්සෙන් ඇවිත් දාහක් නීතී දානකොට මට හිතුනේ ඌ මහා තමන් ගැන විතරක් හිතන ආත්මාර්තකාම් ගුනමකු මිනිහෙක් කියලා ....තමන්ගේ වත්කම් නිසා සල්ලි නිසා පිස්සු කෙලින මිනිහෙක් කියලා .. එපා කියද්දී පස්සෙන් ඇවිත් වද දෙද්දි... මන් කැ හහනකොට කන පුරා එකක් ගහලා හොද කුනුහරපයකුත් කියලා ඒක කරන්න එපා මේක කරන්න එපා අරුත් එක්ක යන්න එපා එහේ යන්න එපා මෙහෙ යන්න එපා කියලා දාහක් නීති දාලා තියගන්න හදද්දි ....මට හිතුනේ ඒ පිස්සු මිනිහගෙන් නිදහස් වෙන්න විතරයි ... ඔව් මන් නිදහස් උනා එදා ගියාගෙන් පස්සේ ආයේ මගේ ඇස් මානේට ආවේ නැ එයා.. ඒත් මන් නිදහස්ද  ?? මන් දැන් සතුටින්ද..?? ඒ ප්‍රශ්න වලට උත්තර මන් අද වෙනකම් හොයනවා හැම රෑකම ඒ ගැන කල්පනා කරත් මට තාමත් ඒකට හරි උත්තරයක් හොයාගන්න බැරි උනා... මන් හිතන්නේ විනුල් මට නිදහසේ ඉගිල්ලියන් කියලා යන්න ගියත් එයත් එක්කම මගෙ හිත අරන් ගිහින් කියලා .. ...ඒත් මන් ප්‍රාර්ථනා කරනවා කවදාවත් එයාව ආයෙ මුනගැහෙන්න එපා කියලා ... නැ මට එයාව දකින්න ඕනි ..දනින් වැටිලා හරි ඒ ආදරේ ආයෙත් මගෙ කරගන්න ඕනි....ඒත් එයා කවදාවත් ආයේ මගේ වෙන එකක් නැ නේද ... ?? ඒත් එහෙම උනොත් එයා කිව්වා වගේ ඇත්තටම මන් විදවලාම මැරිලා යාවී... ඊටත් වඩා කලින් වගෙ එයා දැන් මට ආදරේ කරන එකක් නැති නිසා එයාව මුන ගැහෙන්නේ නැති එකම හොදයි කියලා මට හිතුනේ. .

""ආව්ව්...මොන රෙද්දක්ද යකෝ කරන්නේ..""

""මන් නම් මොකුත් කරේ නැ උබ මොකද අහස පොලව ගැට ගහාගෙන බරටම කල්පනා කරන්නේ.....""

Second chance 😓❤️😓 (Complete )Where stories live. Discover now