"මොකක් කියලද හිතන්නේ"......... තම අසුගේ හිස අතගාමින් සිටි ඔහු ඇසුවේ අනෙකා දෙස බැල්මක් වත් ලබා දීමට මහන්සි නොවී.
" හිතන්න පුළුවන් නම් මොකද්ද කියලා අහන්නේ නැහැ නේද......"
කෙටි නිහැඩියාව කට පසු අනෙකා නැවතත් සිය හඩ අවදි කළේය.
"මිනිස්සුන්ට හැමදේම හරි ඉක්මනට අමතක කරන්න පුළුවන් නේද..."ගගා.
"ඇයි එහෙම කියන්නේ........"දැං කාටද මොනවද අමතක වේලා තියෙන්නේ...."
"ඔයාට"
"මට " ඔහු පැවසුවේ තමන්ගේ ඉදිරියෙන් සිය අසුත් රැගෙන සන්සුන්ව ගමන් කරන පුද්ගලයා දෙස අන්ද මන්ද වු ආකාරයේ බැල්මක් හෙලමිනි.
"හ්ම්"
"මට මොනවද අමතක වුනේ ""තමන් පැනයක් විමසුවත් ,අනෙකාගෙන් පිළිතුරු ක් නොමැති හෙයින් ටික මොහොතකට පසු ඔහු නැවතත් සිය හඩ අවදි කළේය.
"ජාන්"
හ්ම්
"බස්සෙක් වගේ හ්ම් හ්ම් නොගා කියහන්කෝ මට අමතක වුණේ මොනවද කියලා."
"ඒ නමේ තේරුම "
"හරි වැඩක්නේ යකෝ මේක ,,,, උඹ දාපු නමේ තේරුම කොහොමද බන් මං දන්නේ ....."ඒත් සමග අනෙකාගෙ මුවෙහි ඇදුනේ හරි සාමකාමී සිහිනහවකි.
"මොකද බං හිනාවෙන්නේ මොලෙටත් සමනල ගැටේ වැටිලා තමා නවතින්නේ ... ඕවා හිතන්න ගියොත්... සිය අසුගේ තොන් ලනුව අල්ලා අසු පිටි නැග ගත් ඔහු අනෙකා පසු කරමින් යන ගමන් කීවේය.
"නිල් ස්වාමියා"
"මොකක් කිව්වා"
"නිල් ස්වාමියා' ඒක තමා එකේ තේරුම ... ඉස්සර ඔයාගේ නම. මගේ ඇස් දෙක දැකලා ඔයා ඔයාටම තියා ගත්ත නම.."
"ජාන්" පරිසරයේ පවතින සාමකාමී හඩත් පොළොව මත ගැටෙන අසු කුර හඩත් පරයා නිහඩ පරිසරය පුරා එම හඩ රැව් පිළිරැව් දුන්නහ.
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
බිත්ති වලටත් කන් තියෙනවා ගගා මේක ඇතුලේ මොනවද කතා කරන්නේ .
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්ර්යත්නයක් 🔞