චාරිත්‍රය 48

415 75 25
                                    

තුහින සර ඉහීරීලා
හිත අස්සේ දැවටිලා
නොදැනිම ලංවෙලා
හැගුමන් හිත යා වෙලා.......

මේ මල් තුහින යායේ
හමුවන්නම් ආයේ
දිවුරා කියු ආදරේ ...ප්‍රේමාදරේ......

පෙම්වත්  තුරුල තුරුලේ
උණුහුම් සුසුම් කිති කවන්නේ
ආයේම එනතුරැ විදින්නේ
කොහේදෝ ගියේ ආදරේ ..

මේ මල් තුහින යායේ
හමුවෙන්නම් ආයේ
දිවුරා කියු ආදරේ ...... ප්‍රේමාදරේ.....

අවට පවතින හිතකර කාළගුණයත් හදවතට දැනෙන අසීමාන්තික සැනසීමත් නිසා පුංචි ඕමේගාගේ කටහඩින් හීන්  තාලයට ගීයක් මිමුණුණේ ඉබේටමය.  නමුත් එය තවකෙකුගේ සවනතට වැකී යැයි ඔහූ කිසිවිටකත් සිතන්නට නැතුව ඇති.සිය ඉදිරියට නෙරා ඇති කුඩා කුසත් පිරිමදිමින් ගීත ගායනා කල ශාන්ගේ අවධානය බිදි ගියේ සවනත වැකුණු කටහඩ හේතුවෙනි.

මගේ් පුංචි ඕමේගා පැටියා සතුටින් වගේ ......  කුඩා ලී පාලම නැග කුටිය දෙසට පැමිණෙමින් ෆීලික්ස් පැවසුවේ ...ආදරණීය හඩකිනි.ඔහුගේ දෑතෙහි විශාල පළතුරු බහාලු වේවැල් කුඩයක්ද විය.....

දෙවියනේ ගගා..... ෆීලික්ස් දුටු සතුටට කෑ ගසමින් නැගිටගත් ශාන් සුදානම් වුයේ ඔහු ළගට දිව යාමට වුවත් කුමරු ෆීලික්ස්ගේ මුහුණේ තීබු බෑරැරුම් ස්වරෑපය නිසාම ඔහු එක තැන නතර විය.

තවමත් අමතක හැටි මේ දග මල්ලට .....ඔය හැටි විසේ කිමද......ශාන් ළගට පැමිණ අසුන් ගනිමින් ෆීලික්ස් පැවසුවේ ඔහුගේ හිස අතගාමිනි. හොර වැඩක් කල අසු වු පොඩි එකෙකු මෙන් සිය පාදයේ ඇගිලි වලින් බිමහැරු ශාන් සිදු කලේ සිනහා සීම පමණි.නමුත් එකවරම හදිසියේ මතක් වු දෙයක් නිසා ශාන් සිය හිස එසවුයේ ක්ෂණිකවය. ....

ගගා තනියෙන් නේමේ නේද ආවේ කෝ මගේ ගගා........ පවතින දැඩි කුතුහලය හේතුවෙන්ම ශාන් විමසුවේ ෆීලික්ස්ගේ දෑත් සිය දෑතට ගනිමිනි......

ඔහූ ඇල්ෆා යීබෝ ළග නැවතුනා... නුඹ හෙට දින Afstiros පැක් එකට යන නිසා එහි වැඩ කොටසක් තව ඉතිරිව පවතිනවා.ඒ පිලිබද ඔහු බලන්න ගියා.   

My Moon Angle (Yizhan)Where stories live. Discover now