හිරු කිරණින් අවට පරිසරය යම් තරමකින් ආලෝකමත් වුවත් සීත වනය තුළ පවතින දැඩි සීතල නම් ඉන් දශමයක්වත් අඩු නොවීය.ගත දැවටෙන හිම පියලි සහිත සුළං රැල්ල නිසා සීතල තව තවත් දැඩි විය.සිය ඉදිරියට නෙරා ඇති කුසට අතක් තබාගෙන කුටියෙහි පිටත ඇදහැලෙන හිම පියළි දෙස බලා සිටි ශාන්ගේ අවධානය බිදුනේ පිටුපසින් ඇසුණු කටහඩ හේතුවෙනි.
සුන්දරයිද.........
ආහ්......
මා ...... විමසුවේ සුන්දරදයිද කියා.....එල්කා නැවතත් සිය පැනය විමසුවේ ...තමාගේ හඩින් පියවි සිහියට පැමිණි ජාන්ගෙන්ය..ඇය විමසු පැනයට හූ මිටි පමණක් තියපු ශාන් නැවතත් සිය අවධානය පිටතට යොමු කළේය .
මතුපිටින් සුන්දර සියල්ල ඇතුළාන්තයෙන් සුන්දර නැහැ....ශාන්....... විශාල සුසුමක් හෙලමින් එල්කා පැවසුවේ සිය අතරැදි කළු පැහැ රෙදි කඩකින් ඔතන ලද දිගැටි යමක් ශාන් අතරදවමිනි.
ශාන් ඇය විසින් සිය අතරැදි වු රෙදි කැබැල්ල විවෘත කළ විට දුටු දේ නිසා එල්කා වෙත යොමු කලේ ගැටලු සහගත පෙනුමකි.ඔය බටනාළාව ස්පර්ශ කරන්න පුළුවන් වුණේ දෙන්නටයි.දැං නුඹත් එක්ක ඒ සංඛ්‍යාව තුනක් දක්වා වර්ධනය වුණා. ශාන් අත රැදි කළු පැහැ බටනළාව වෙත දෙනෙත් යොමාගෙන ඇය පැවසුවේ හැගීම් බරවය...
YOU ARE READING
My Moon Angle (Yizhan)
Fantasyඅහිමි කරගත් හදවතක් .......නැවත දිනා ගැනීමේ ප්‍ර්‍යත්නයක් 🔞