අදුරු පැතිකඩ 45

352 79 26
                                    

ඇයි මං රගපෑවේ කියලා දැන ගන්න ඕනේද ඩියෝනා මමා,,, දැන ගන්න ඕනේද...... එ බැල්ලී අයිතිවාසිකම් කිව්වේ මගේ හුස්මට.........
----------_______________________________________
අතීතය................

යීබෝගේ වදන් හමුවේ ශාන් දිව ආවේ පවනට බදු වේගයකිනි,ඒ වේගයට සමානව කදුළු කැට ශාන්ගේ දෙකොපුල් හමුවේ ගලා ගෙන ගියේ ඔහුට නිවැරදි මාවත පවා අපහැදිලිව දර්ශනය කරමිනි,,,නමුත් එක්වරම........

ආආආ දිරාගිය ගස් කදක පැටලී ශාන් ඇදගෙන වැටුනේ හිත් වේදනාවට ගතේ වේදනාවද එක් කරමිනි.

දෙවියනේ ලුනා ඔබ හොදින් ද........ ඇදගෙන වැටුණු ශාන් වෙත පැමිණි වෙලොස් සාමාජිකාවක් විමසුවේ ඔහුව නැගී සීට්ටවීමට කටයුතු කරමින්.නමුත් සිද්ධ වුණේ ඇය සිහිනෙකින්වත් බලාපොරොත්තු වු යමක් නම් නොවේ.

ආතාරිනු මා............වංචාකාර හැත්ත......තොට මොනවද ඕනේ.........එකෙක් මගේ හුස්ම උදුර ගත්තා.......අනිකට ඕනි මගේ ලේ කැටියද......... වෙලොස් සමාජිකාව ලියාගේ දෑත් ගසා දමමින් ශාන් කෑ ගැසුවේ සිය උපරිම කේන්තියෙන් සහා සිය දෑතින්ම තම කුස ආවරණය කර ගනිමිනි,නමුත් ඔහුගේ කේන්තිය හමුවේ ලියාගේ බැල්මක වත් වෙනසක් සිදු නොවිය.........

කෝප ගැනීමෙන් වළකින්න පැටියෝ එය ඔබටත් කුසේ සිටින පැටියටත් අහිත කරයි....... බිම දන ගහගෙන ශාන්ගේ ඇදුමෙහි පැටලී තිබෙන දිරාපු කොළ කැබලි සහා අතු කැබලි අයින් කරමින් ලියා පැවසුවේ කාරුණික වුත් ආදරණීය කට හඩකිනි.... ..

ඇයි මට එහෙම කලේ ජීයී.....ඇයි.....මං එයාට සැළකුවේ..මගේ.....ජීයීට...වගේ......ලියාගේ උරහිසට හේත්තු වී ශාන් ඉකිගසා හඩා වැලපුනේ ලියාගේ දෑසටද කදුළු බින්දුවක් එක් කරමිනී........

නුඹට සිදු කීරීමට අවශ්‍ය දෙය පවසන්න ලුනා මම මගේ රාජකාරිය වෙනුවෙන් බැදී සිටිනවා....... හඩා වැළපෙන ශාන්ව හරහට සිය දෑතට ගනිමින් ඇය පැවසුවේ ස්ථිර හඩකිනි, ශාන් ගැබ් බර වුවත් ඔහුගේ බර ඇයටනම් නොදැනුණු තරම්ය.........නමුත් ඇයගේ ප්‍රකාශය හමුවේ ශාන්ගේ දෑස් තද නිල් පැහැයෙන් වර්ණවත් වුනේ පලි ගැනීමේ කළු සිතුවිල්ලකින් ඔහුගේ මනස වැසී යාම හේතුවෙනි......

My Moon Angle (Yizhan)Where stories live. Discover now