ප්‍රතිඥාව 26

535 83 14
                                    

රැවල් අඩපන කරන්න,,,,,වටින් ගොඩින් ඇහෙන මිනිස්සුන්ගේ කෑගැසීම් අස්සේ මගේ කෙටි නින්ද බිදුනේ ශුවානයාගේ හඩින් ,,, නින්දෙන් අවදි වුනත් ඇහි පිහාටු විවර කර ගැනීමට නොහැකි වුණේ මගේ මුණට කෙලින්ම එල්ල වෙලා තියෙන හිරැගේ ප්‍රචණ්ඩ රැස් හින්දා, හිරැ රැස්වල තියෙන ප්‍රබලත්වය අනුව නම් නිසැකවම දැං මධ්‍යහනය වෙලා ඇති,අද අලුයම හිරැ ඇහැරෙන්න හෝරා දෙක තුනක් තියලා අපි කයිරෝස් පැක් එකෙන් පිටත් වුණා,ඉතිං දැන් ඉන්නේ ගෝරෝන් නගරයේ පොන් වරායට ගව්වකට වඩා අඩු දුරකින්......
හුම්. මම ලොකු හුස්මක් පහත හෙලලා ඇස් දෙක විවර කරේ කේසේ හෝ හිරැ රැස් වලට මුහුණ දෙමින් .ඉතිං ඊයේ දවස ගැන නම් කතා කරන්න ඕනේ මම දන්නේ නැහැ කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා, ඒත් මං දන්නේ එක දෙයයි දැං මම වගකීම් ගොඩකින් බැදිලා කියලා විතරයි. ඊයේ මගේ ඉස්සරහා පුළුවන් තරම් දග කරලා මගේ උණුහුමේම එයාට නින්ද ගියා,, එක නිසා මං ආයේ එයාව ඇහැරවලා අපේ පිටත් වීම ගැන දැනුම් දෙන්න ගියේ නෑ ,සමහර විට එයා නැගිටලා ඉදියානම් මට මේ ගමන මෙච්චර සැහැල්ලුවෙන් එන්න බැරි වෙයි ,,, හැබැයි දැං නැගිටලා යකා නටයිද දන්නේ නෑ ,, මගේ පිස්සු කෝළම.....මැණිකව මතක් වුණ මගේ මුහුණට ආව කවදාවත් එන්නේ නැති හරි ආදරණීය සමකාමී හිනාවක්,හැබැයි ඒ හිනාව වැඩි වේලාවක් නොරැදුනේ මගේ ඉදිරියෙන් දකින්නට ලැබෙන දෙය නිසා ....
"ගෝරෝන්"මගේ මුවින් පිටත් වුණේ නිතැතින්මයි, අවුරුදු දහාඅටකට පස්සේ මම මේ දැං දකින ගෝරෝන් ඉස්සර මම ආසාවෙන් දුව පැනපු සශ්‍රිකත්වයෙන් පිරැණු වෙළෙද නගරය නම් නෙමෙයි, ඉස්සර සුදු රීදී පැහැයෙන් දිස්නය දුන් වරාය නගරය දැං අදුරැ කළු පැහැයක් ඇරගෙන ,, ඇත්තටම ඒ කාලේ මුළු තොටුපළම නිර්මාණය කරලා තිබ්බේ රන් පැහැයට හුරැ තේක්ක දැවයෙන් සහා විශාල රීදී පොලු වලින් ඒත් දැං ඒ හැම දෙයක්ම කාල වර්ණයට හුරු අදුරු පැහැයෙන් මගේ ඇස් වලට දිස් වෙනවා. ගෝරෝන් කියන්නේ ජලය මාධ්‍ය කර ගත් වෙළද නගරයක් , එක හින්දා ඉස්සර මේ හැම තැනම අරවින්ද, පංකජ විශාල ප්‍රමාණයෙන් පොකුණු වල විකසිත වෙලා ඒවායේ සුගන්ධය සීතල සුලං සමග මුසු කොට මුළු නගරය සුවදවත් කළා ,නමුත් දැං ඒ සීත සුළං ධාරා වෙනුවට ගත දැවටෙන්නේ අමුතු පුළුටු ගදක් සහිත ගිනියම් වු සුළං ධාරා ,,,,

My Moon Angle (Yizhan)Where stories live. Discover now