❤️ Mr. Jeon & Mis.Jeon - 12❤️

528 84 2
                                    


Yoonra p.o.v

මම කල්පනා කරේ ඊයේ උන දේවල්. මට ගොඩක් දුකයි. මොකද මට ඊයේ ඔප්පා ගහපු නිසා.... එයා කවදාවත් මට අතක් උස්සලා නෑ. ඒත් එයා ඊයේ මට ගැහුවා. මමයි ඔප්පයි ඕන තරම් රන්ඩුවෙලා තරහා වෙලා තියෙනවා. ඒත් ඔප්පා කවදාවත් මට ගහලා නෑ... කමක් නෑ මන් එයාත් එක්ක තරහා නෑ...නෑ මට කවදාවත් අයියත් එක්ක තරහා වෙලා ඉන්න බෑ මොකද එයා තමා මගේ මුළු ලෝකේම... ඔම්මා අප්පට පස්සෙ මගේ මුළු ලෝකේම මගේ ඔප්පා.. ඒ නිසා මන් එයාත් එක්ක තරහා නෑ... එයා ඊයේ මට ගැහුවා තමා මොකද මම ලොකු වැරැද්දක් කරා. සමහර විට මම ඒ දේවල් ඔප්පට කිව්වනම් මෙහෙම වෙන්න නොතිබෙන්න තිබුණා.. මම ඔප්පට ඒ දේවල් කිව්වම සමහරවිට එයා මට බනි මාත් එක්ක තරහා වෙයි. ඒත් එයා මට ගහන එකක් නැතිවෙන්න තිබ්බා...

ඒත් ඊයේ රෑ එයා මාත් එක්ක නිදාගත්ත වෙලේ මට ගොඩක් සතුටු හිතුණා. එයා දැන් ටිකකට කලින් මට ගැහුවා කියන එකත් අමතක වුණා... මොකද ඔප්පා මාත් එක්ක මෙහෙම නිදාගත්ත කාලයක් මට මතක නෑ.... මම ලොකු වෙන්න ලොකු වෙන්න ඔප්පා මාත් එක්ක ඉන්න කාලෙ ගොඩක් අඩු වුණා... ඉස්සර මම එයා ළඟමයි මට ඉස්සර එයා නැතිව ඉන්න බෑ.... ඔප්පටත් එහෙමයි මම පොඩ්ඩක් පෙන්න නැති වුණ ගමන් එයා මාව පිස්සුවෙන් වගේ හොයනවා... ඉස්සර අපි දෙන්නා කෑවේ එකට නිදාගත්තේ එකට ඒත් දැන් එහෙම නෑ. ඉතින් එකයි මට ගොඩක් සතුටු හිතුණේ ඔප්පා මාව තුරුල් කරන් නිදාගත්ත එකට....

මට ඔප්පගේ තුරුලේ ඉන්නකොට ඒ දැනෙන උණුහුම ආරක්ෂාවට මම ගොඩක් ආදරේ කරනවා... මම ඒ උණුහුමට ලෝබ කරනවා... මට එක වෙලාවකට බය හිතෙනවා ඔප්පා මාව දාලා යයි කියලා...ඒත් ඒක මහා විකාරයක් කොහොමත් අපි මරෙණකන් මෙහෙම ඉන්නෙ නෑ නෙ... දවසක් ඔප්පා වෙන කෙනෙක්ව එයාගෙ ළඟට ගනි ඒ වගේම මමත් දවසක වෙන කෙනෙක්ට අයිති වෙයි... ඒත් මට ඒවා හිතෙන කොට අමුතු බයක් වගේම පපුවේන් හරි අමුතු රිදුමක් දැනෙනවා... ඒ ඇයි මම දවසක් වෙන කෙනෙක්ගෙ වෙන නිසාද නැත්තම් ඔප්පා වෙන කෙනෙක්ව එයාගෙ ජීවිතේට එකතු කරගන්න නිසාද?...

මම ඔය වගේ එක එක ඒවා හිත හිත වොශ් එකක් දාන් පහලට ගියා... අද අපි දෙන්නම ඇහැරුණේ පරක්කු වෙලා නිසා මට නම් අද යුනි යන්න බැරි වුණා.. ඒත් ඔප්පා නම් ඔෆිස් යයිද දන්නේ නෑ... මම පහලට යනකොටත් ඔප්පා ඇවිත් හිටියෙ නෑ... මම ගිහිං කෑම මෙසෙන් වාඩි වුණාම අජුම්ම මට කෑම බෙදන්න පටන් ගත්තා... ටික වෙලාවකින් ඔප්පත් ඇවිත් මගේ ඉස්සරහින් ඉඳ ගෙන කෑම කන්න පටන් ගත්තා....

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now