♥️ Mr.Jeon & Mis.Jeon - 10 ♥️

548 82 0
                                    


Next Day Morning

JK p.o.v

මම උදේ ඇහුරුණේ මුණට වැටුණ ඉර එළිය නිසා. කවදාවත් මගේ කාමරේට ඉර එළිය වැටෙන්නේ නැති නිසා මන් ඇසුත් පොඩි කර කර බැලුවේ මගේ කාමරේ කර්ටන් ඇරියේ කව්ද කියලා බලන්න. හිමිට ඇස් ඇරලා බැලුවම තමා මට මතක් වුණේ මම ඊයේ රැ නිදාගත්තේ මගේ කාමරේ නෙමෙ යුන්ගේ කාමරේ කියලා.....

මම අයිත් ඇස් දෙක පියාගත්තෙ ඒ ඉර එළිය මගේ ඇස් කඩා ගෙන යන තරම් එළිය නිසා... ඇස් දෙක පියාගෙනම මම මගේ එහා පැත්ත අත ගලා බැලුවේ ඊයේ රැ මගේ උණුහුමට ගුලි වෙලා හිටපු කෙල්ලව හොයා ගන්න... ඒත් යුන් මගේ එහා පැත්තෙ හිටියෙ නෑ.... මම ඇස් දෙක ඇරලා බැලුවේ යුන් කෝ කියලා බලන්න... මොකද මේ කම්මැලි කෙල්ල මට කලින් ඇහැරෙන්නෙ නෑ කියලා මන් හොඳාකරවම දන්නවා.... මම එහා පැත්ත බලන්න හැරුණ වේගෙන්ම අයිත් හිටපු විදියටම හිටියෙ මගේ ඇග උඩින් දැනුණ බරගතිය නිසා... ටිකක් ඔළුව උස්සලා බැලුවම තමා දැක්කෙ යුන්ව... අම්බෝ මේ කෙල්ල නිදන් ඉන්න විදිය දැක්කම මට එක පාට්ටම හිනා ගියා... යුන් නිදාගෙන හිටියෙ..

කෙල්ල නිදාගෙන හිටියෙ ඔළුව යටට කකුල් උඩට හිටින්න... අම්මෝ මේ කෙල්ලනම්... මගේ කකුල් දෙකත් බදාගෙන හොදට නිදි ඒ මදිවට යුන්ගේ කකුල් මගේ පපුව උඩ.... මේ කෙල්ල රැට බඹර චක්ක්‍රයක් වගේ කැරකෙනවද කොහෙද.... මම යුන්ගේ කකුල් හිමිට මගේ පපුව උඩින් අයින් කරලා කෙල්ලව ටිකක් ඇත් කරේ මට නැගිටින්න... යුන්ව ඇත් කරලා මන් බැලුවේ ඔරලෝසුව දිහා.... ඔෆිස් යන්නත් එපැයි. ඒත් ඔරලෝසුව දිහා බැලුවම තමා මට දවල් තරු පෙනුණේ.... වෙලාව 10.30යි... මට ඔෆිස් යන්නත් පරක්කුයි... එතකොට යුන් අද එයාට යුනි යන්නත් ඕනනෙ....

"යුන් නැගිටින්න.....කෝ ඉක්මන් කරන්න...."

"අනෙ ඔප්පා තා තුත්තක් දෝ ගන්නම්කො...."

මම යුන්ට කතා කලත් මේ කෙල්ල අයිත් අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා.... යා මේ කෙල්ල නම්. පුදුම කම්මැලියෙක්....

"යා....යුන් දැන් වෙලාව කියද දන්නවද 10.30යි.....කෝ නැගිටින්නවා....."

"මොකක්...."

මම කෙල්ලට එහෙම කිව්වම යුන් ඇඳෙන් ඉඳ ගත්තෙ ඇසූත් ලොකු කර ගෙන.... එයා එහෙම ඉන්නකොට හරි කියුට් අප්පා.... ඇදලා අරගෙන ඉබින්නමයි හිතෙන්නේ.....

"යා....ඔප්පා ඇයි ඔයා මාව නැගිට්ටුවේ නැත්තෙ...."

"ඔයාව නැගිට්ටවන්නත් මම නැගිටින්න එපැයි. ඊයේ රැ මටත් හොදට නින්ද ගිය නිසා උදේ ඇහැරුනෙ නෑ...."

"හ්ම්..... දැන් ඉතින් මොනා කරන්නද..... එහෙනම් මම අද යුනි යන්නෙ නෑ....."

යුන් මූණත් දෙක කරගෙන එහෙම කිව්වට මම දන්නවා ඔය කෙල්ල ඒක කිව්වේ ගොඩක් සතුටින් කියලා....මගේ කපටි කෙල්ල.....

"හ්ම් හරි හරි....යනවා ගිහින් වොෂ් එකක් දන් පල්ලෙහාට එන්න කෑම කන්න. අජුම්මා කෑම ලැස්ති කරලා අති..."

"හලි මම ඉක්මනටම එන්නම් මගේ චුටි හා පැටියෝ....."

"යා යුන් ඊයා...."

මම යුන්ට එහෙම කිව්වම කෙල්ලත් ඇඳෙන් නැගිටලා මට එහෙම කියලා මගේ කම්බුලට කිස් එකක් දීගෙන උඩ පැන පැන වොෂ් රූම් එකට රිංගුවා..... යුන් දීපු කිස් එකට මම එහෙම කෑ ගැහුවත් ඒ කිස් එක නිසා මට පුදුම සතුටක් දැනුණේ..... මම යුන් ගෙන් ඈත්වෙන්න හාදුවත් මේ කෙල්ල කරන වැඩ නිසා මම යුන්ට තවත් ලන්වෙන එක තමා වෙන්නේ..... මම ඔය වගේ එක එක එවා ගැන හිත හිතම මගේ කාමරේට ගියේ වොෂ් එකක් දාගන්න.....

_________________________________________

♥️ park ha-yoon ♥️







MR.JEON & MS.JEON <||JJK||> [completed]Opowieści tętniące życiem. Odkryj je teraz