♥️ Mr.Jeon & Mis.Jeon - 22 ♥️

502 74 0
                                    


යුන්රා හිටියෙ ලිවින් රූම් එකේ සෝෆා එකේ ඉඳගෙන එයා ආසම කාටුන් එක බල බල....

කෙල්ල සෝෆා එක උඩින් කකුල් දෙකත් තියාගෙන හොදට කාටුන් එක බලනවා... යුන්රා දැන් ඉන්නෙ කාටුන් එක ඇතුලේ වගේ. මොකද කෙල්ල දන්නේ නෑ ජන්කුක් එයා ළඟට ආවද කියලවත්. කෙල්ල ඒ තරමටම කාටුන් එකට ඇඩිට් වෙලා.....

ජන්කුක් බලන් හිටියෙ යුන්රා දිහා... කොල්ලා කතා කලත් කෙල්ල නෙමෙ කතා කළේ... බැරිම තැන කොල්ලත් ගිහින් කෙල්ල ලගින් ඉඳ ගත්තා....

කොල්ලා බැලුවේ යුන්රා මෙච්චර වහ වැටිලා වගේ බලන්නෙ මොකක්ද කියලා. එතකොට තමයි කොල්ලත් දැක්කෙ එයාලා දෙන්නා පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් බැලුව කාටුන් එක යනවා කියලා....

කොල්ලත් එක කකුලක් පුටුව උඩින් තියාගෙන කාටුන් එක බලන්න ගත්තෙ එයාත් ඒ කාටුන් එකට ගොඩක් ආස නිසා....

දැන් මෙතන අලි බබ්බු දෙන්නා කාටුන් බලන අතරෙ මිස්ටර් ජෙයෝන් මිසිස් ජෙයෝන් කිචන් එකේ ලොකු කතාවක හිටියෙ.....

" මහත්තයා...."

" හ්ම්...."

" අර...."

මිසිස් ජෙයෝන් මිස්ටර් ජෙයෝන්ට පෙන්නුවේ ලිවින් රූම් එකේ ඉඳන් පොඩිඑව්න් දෙන්නෙක් වගේ කාටුන් බලන යුන්කුක් දෙන්නව......

" ගැලපෙන ජෝඩුව...."

මිස්ටර් ජෙයෝන් එහෙම කියලා හිනා ව්නාම මිසිස් ජෙයොනුත් හිනාවෙන්න පටන් ගත්තා....

" මහත්තයා ඔයා අර ගැන කුකිට කියන්න....."

" එතන යුන් ඉන්නවනෙ...."

" මම යුන් ගැන බලාගන්නම්...."

මිසිස් ජෙයෝන් එහෙම කියලා ගියේ ලිවින් රූම් එකේ ඉඳන් කාටුන් බලන යුන්කුක් දෙන්නා ගාවට.....

" යුන්...."

" යුන්...."

" යා....යුන්රා....."

" ආ...ආව් මොකද ඔම්මා ගහන්නෙ..ආ රිදෙනවා...."

මිසිස් ජෙයෝන් යුන්රට කොච්චර කතා කලත් කෙල්ලට ඇහුණේ නෑ. ඒ තරමටම කෙල්ල හිටියෙ කාටුන් එක සිහියෙන්.... කතා කරලා බැරිම තැන තමයි මිසිස් ජෙයෝන් යුන්රගේ ඔලුවට හැන්දෙන් ගැහුවේ....

MR.JEON & MS.JEON <||JJK||> [completed]Where stories live. Discover now