♥️ Mr.Jeon & Mis.Jeon - 03 ♥️

613 96 2
                                    

A week later

Jk p.o.v

හරියටම සතියක් ගෙවිලා ගියේ ගොඩක් වේගෙන්..... මේ සතිය ඇතුලත විශේෂ දෙයක් සිද්ද වුණේ නෑ....... ඒත් මගේ හිත දැන් ගොඩක් වෙනස් වෙලා..... ඔව්...මන් යුන්රට ආදරේ කරනවා....මගේ හිතේ යුන් ගැන සහෝදරකමකට එහා ගිය හැඟීමක් ඇති වෙලා...... ඔව් මන් එයාට ගොඩක් ආදරේ යි ඔව් ගොඩක්..... ඒත් මන් ඒ හැඟීම යටපත් කරන් ඉන්නෙ යුන් මගේ නංගි නිසා...... එක බඩ වැල කඩන් ආපු මගේම සහෝදරි නිසා......

" ඔප්පා....."

මන් හරි සිහියට ආවෙ යුන් මගේ කාමරේ දොරට තට්ටු කරන නිසා......

" ආ...... යුන් එන්න දොර ලොක් කරලා නෑ...."

මම ඇදේ ඉද ගන්න ගමන් යුන්ට කතා කලා....

" ඔප්පා පල්ලෙහාට එන්න. ඔම්මා කතා කලා කෑම කන්න...."

" හරි යුන් ඔයා යන්න. මම එන්නම්...."

මම එහෙම කිවුවම යුන් දොරත් වහාගෙන යන්න ගියා.....මාත් ටික වෙලාවක් එහෙම ඉඳලා පල්ලෙහාට ගියේ කෑම කන්න......මම පල්ලෙහාට යනකොට හැමෝම කෑම කන්න වාඩි වෙලා හිටියා.... මමත් ගිහිං යුන්ගේ ඉස්සරහින් වාඩි වුණා..... ටික වෙලාවක් යනකං හැමෝම පාඩුවේ කෑම කෑවා.....

" ජන්කුක්....."

නිහඩියාව බිඳලා අප්පා කතා කරන්න පටන් ගත්තා....

" ඔව් අප්පා කියන්න...."

" යුන්...."

අප්පා යුන්ටත් කතා කලා...අප්පා අපි දෙන්නටම කතා කරනවා කියන්නේ ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඕන...

" ඔව් අප්පා කියන්න....."

" මේකයි මමයි ඔම්මයි ඇමරිකා යන්න කියලා හැදුවේ......"

" මොකක්....."

මමයි යුන්රයි දෙන්නම එකට ඒක අප්පගෙන් අහුවා....

" අපි දෙන්නා ටික කාලෙකට පොඩි නිවාඩුවක් ගත කරන්න කියලා බැලුවේ....."

" ආ...... ඉතිං අප්පා කවද්ද යන්නෙ..."

" හෙට උදේට ෆ්ලයිට් එකක් තියෙනවා කුකි...."

" අප්පා ඒ කියන්නෙ ඔයාලා හෙට යනවා කියලද?....."

යුන්රා ඇස් වල කඳුළු පුරෝගෙන අප්පගෙන් අහුවා..... කෙල්ලට දුක ඇති...

MR.JEON & MS.JEON <||JJK||> [completed]Opowieści tętniące życiem. Odkryj je teraz