Yoonra p.o.vඔප්පා ඔෆිස් ගියාට පස්සෙ මාත් මගේ රූම් එකට ආවෙ වොෂ් එකක් දාගන්න. අද උදේන් ම ලෙච්චස් තියෙන නිසා ඉක්මනට යුනි යන්නත් ඕන...
වෙනදට ඔප්පා යුනි එකට ගිහිං දාන නිසා අවුලක් නෑ. ඒත් දැන් එයාට වැඩ වැඩි නිසා මාව එක්කන් යන්න වෙන්නේ නෑ නෙ අෆ්ෆා..... මාත් ඉතින් එයාට කරදර කරන්න යන්නෙ නෑ....
අප්පා නැති නිසා ඔප්පා තමා බිස්නස් ඔක්කොම බලා ගන්නෙ. ඒ නිසා එයාට කරදර කරන්න බෑ. පවු එයා...
..
.
මන් ටවල් එකත් අරන් වොෂ් රූම් එකට ගිහිං කණ්ණාඩියෙන් මගේ මුණ දිහා ටික වෙලාවක් බලන් හිටියා. මන් එහෙම ඉන්නකොට මතක් වුණේ අද උදේ ඔප්පා දුන්න කිස් එක... මගේ මුළු මුණම රතු වෙලා.
ආාආආආආආ යුන්රා තමුසෙට දැන් ඒක මතක් වෙලා ඔහොම රතු වුණානම් ඒ වෙලාවේ කොහොම රතු වෙන්න ඇතිද..... ආශ් ඔප්පා දැක්ක ද දන්නේ නෑ....
ඒත් මෙක මගේ පළවෙනි කිස් එක නෙමෙනේ. එයා ඕන තරම් මාව කිස් කරලා තියෙනවා නෙ.... ඇයි ඉතින් මට මෙච්චර සතුටු. නිකන් එයා මාව කිස් කරපු පලවෙනි වතාව වගේ නෙ... ආආආආආ යුන්රා තමුසෙට පිස්සු හැදීගෙන එනවද කොහෙද.....
මන් ඉතිං ඔය වගේ පිස්සු විකාර හිත හිතම වොෂ් එකක් දාගත්තා.....
..
.
.
.
වොෂ් එකක් දාගෙන ඇවිත් සුපුරුදු විදිහටම මගේ ජාතික ඇඳුමට බැස්සා....මගේ ජාතික ඇඳුම තමයි ඩෙනිම ඇන්ඩ් හුඩී එක. ඉස්සර මමයි ඔප්පායි දෙන්නම ගන්නෙ එකවගේ හුඩීස්. අපි දෙන්නම අදින්නේ බ්ලක් ඩෙනිමට වයිට් හුඩි එක... ඒ අපි දෙන්නගේ ජාතික ඇදුම. හ්ම්... ඒත් ඉතින් දැන් එහෙම නෑ. දැන් ඉතින් ඔප්පා බැලුවොත් ඔෆිස් එකේ වැඩ... එයාට දැන් ඉස්සර වගේ මාත් එක්ක ඇවිදින්න යන්න වෙලාවක් නෑ...... මොනා කරන්නද ඉතින්...
මම ඉක්මනටම පහලට ගියේ යුනි යන්න ඕන නිසා. ගිය සතියෙම මම යුනි ගියේ පරක්කු වෙලා. උදෙන්ම ඇහැරෙන්නේ නැති එකේ විපාක තමා මේ....
මන් පල්ලෙහාට යනකොට අජුම්මා ගෙ අස් කරනවා....
"අජුම්මා මම යනවෝ....."
YOU ARE READING
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...