♥️ Mr.Jeon & Mis.Jeon - 20 ♥️

512 75 6
                                    


" ඕ.ඔප්. පා...."

ජංකුක්ට හීනෙන් වගේ ඇහුන කටහඩ නිසා කොල්ලා ඇස් ඇරලා බැලුවේ ඇත්තටම එයා බලාපොරොත්තු වුණ කෙනාමද කියලා බලන්න...

කොල්ලා හිතුවා හරි.... යුන්රා අඩවන් වු ඇස් වලින් කොල්ලා දිහා බලන් ඉන්නවා.....

" ය්. යුන්... මැණික...."

කොල්ලගේ කටින් වචන පිටවෙන්නේ නැති තරම්. ඒ තරම් කොල්ලට සතුටුයි...

" ඕ.ඔප්පා...."

" ඔයාට කොහොමද මැණික...."

" ඔප්පා ම්. මගේ ඕ.ඔලුව ටිකක් රිදෙනවා...."

කෙල්ල ටිකක් අමාරුවෙන් වගේ කතා කළේ. මොකද කෙල්ලට තවමත් එයාගෙ ඔලුවට වෙලා තියෙන තුවාලය හොදටම සනීපවෙලා නැති නිසා....

" ඕ.ඔහොම ඉන්න මන් ඉක්මනටම ඩොක්ටට කතා කරන් එන්නම්...."

කොල්ලා කියපු ෂණිකේටම එළියට දිව්වේ ඩොක්ට කෙනෙක්ට කතා කරන් එන්න.....
.

.

.

.

.

.

.

ඩොක්ට හිටියෙ යුන්රගේ තවත්වේ කොහොමද කියලා බලන ගමන්....

" මිස් යුන්රා ඔයාට දැන් කොහොමද?... සනීපයක් දැනෙනවද....."

" ලොකු අමාරුවක් නෑ. ඒත් ඔලුව ටිකක් රිදෙනවා...."

" හ්ම්... ඇක්සිඩන්ට් එකෙන් වැඩිම හානියක් වුණේ ඔයාගෙ ඔලුවට. ඒ නිසා තමයි ඔයාගෙ ඔලුව රිදෙන්නේ... ඒකත් ටික කාලයක් ගියාම හරියයි...."

ඩොක්ට එහෙම කිව්වම කෙල්ලත් යාන්තමට ඔලුව වැනුවා....

මේ දිහා ජන්කුක් බලන් හිටියෙ ගොඩක් දුකෙන්... මොකද කොල්ලට තමා කෙල්ලව කාටත් වඩා තේරුම් ගන්න පුළුවන්... ඉතින් ජංකුක්ට යුන්රා දිහා බලපු ගමන් තේරෙනවා කෙල්ල ඉන්නෙ තාම අමාරුවෙන් කියලා....

" හරි එහෙනම් මිස් යුන්රා ඔයා ටිකක් විවේක ගන්න... මිස්ටර් ජන්කුක්...."

ඩොක්ට යුන්රට එහෙම කියලා හැරුණේ ජන්කුක්ගෙ පැත්තට....

" ඔව් ඩොක්ට...."

MR.JEON & MS.JEON <||JJK||> [completed]Donde viven las historias. Descúbrelo ahora