ටික වෙලාවක් ගියාට පස්සෙ ඔප්පා ආවෙ අයිස් ක්රීම් දෙකකුත් අතේ තියාගෙන...
එයා ඇවිත් මගේ එහා පැත්තෙන් ඉඳගෙන එයාගෙ අතේ තිබ්බ එක අයිස් ක්රීම් එකක් මගේ අතට දුන්නා....
මම එයාගෙ අතේ තිබ්බ අයිස් ක්රීම් එක ගත්තා. ඒත් මන් මුළු කාලෙම බලන් හිටියෙ ඔප්පගේ මුණ දිහා...
එයා ඉන්නෙ මොකක් හරි ලොකු දෙයක් හිතේ හිර කරගෙන. ඇයි එයා ඒ ගැන මට කියලා හිත සැහැල්ලු කර ගන්නෙ නැත්තෙ....
මෙක හරියන්නේ නෑ මන් අහන්න ඕන! ඇයි අනෙ මෙයා මෙහෙම අවුලෙන් ඉන්නකොට මන් කොහොමද හිනාවෙලා සතුටින් ඉන්නෙ....
" ඔප්පා...."
"හ්ම්...."
මේ මනුස්සයට කතා කලත් බකමුනෙක් වගේ 'හ්ම්' ගානවා.... දැන්නම් මට හොදටම තරහා ගිහින් ඉන්නෙ.... අයිශ්.... මට එන තරහා.....
" ඔප්පා මොනාද හලෝ ඔයාට වෙලා තින්නේ. උදේ ඉඳන්ම මුණ එල්ලගෙන. හරියට මාත් එක්කත් කතා කරන්නේ නෑ. ඔයා තාමත් මාත් එක්ක තරහද? ඔයා ඔහොම ඉන්නකොට මන් කොහොමද අනෙ සතුටින් ඉන්නෙ. අනෙ චේබල් ඔප්පා ඔයා ඔහොම ඉන්න හේතුව මට කියන්න. මගෙන් මොකක් හරි වැරැද්දක්වත් වුණාද?...."
මම එක දිගට කියවන් ගියා. ඇයි අනෙ දැන් මන් කියේ ඉඳන් ද අහන්නෙ මෙයාගෙන්. කිසිදෙයක් කියන්නේ නෑ. ඒ මදිවට දැන් හිනා වෙනවා....
" දැන් මොකද හිනාවෙන්නේ. ආ.... හීනාවෙන්න දෙයක් කිව්වේ නෑ නේ. දැන්වත් කියනවා උදේ ඉඳන්ම මුණ එල්ලන් ඉන්න හේතුව....මෝඩයා..."
මන් එහෙම කියලා අත් දෙකත් පපුව හරහා බැඳ ගෙන ඉස්සරහා බලා ගත්තා. මේ මනුස්සයා තාම හීනාවෙනවා.
" ඕ.... මගේ පණ්ඩිත හල්මොනිට තරහා ගිහින් වගේ...."
ඔප්පා හිනාවේවි මගේ කම්මුල මිරිකනවා. අම්මෙ ඇති යාන්තම් මේ මනුස්සයා හීනා වුණා. ඒත් මන් බොරු තරක් මවාගෙන...
" යා.... අත ගන්නවා.... මෝඩයා. මන් ඔයත් එක්ක තරහයි....."
" හරි හරි. දැන් කියන්නකෝ මගේ මේ චුටි හල්මොනිව යාලු කරගන්න මන් මොනාද කරන්න ඕන කියලා...."
YOU ARE READING
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...