ඇත්තටම මන් මුලින්ම කියන්න ඔනෙ මට සමාවෙන්න කියලා. මොකද කම්ප්ලිට් කරපු මේ කතාවට තවත් කොටසක් එකතු කරනවට. හේතුව මේකයි මන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ " ඔයාගේම අයියා දවසක ඔයාගෙ හස්බන් වුණොත් ඔයා මොකද හිතන්නේ " මෙහෙමනේ. මගේ යාලුවෙක් මේ කතාව කියවලා මට කිව්වා මේක තව ටිකක් දුරට ලියන්න තිබ්බනේ කියලා. ඒ නිසාම මම හිතුවා තව දුරට ලියන්න. ඒ නිසා මන් තව එක කොටසක් දෙන්නම් හොඳද. අනෙ අයිත් මන් කියනවා සමාවෙන්න...._________________________________________
After five years
A/N
" කෝ මගේ චුටි පැටියා... "
යුන්රා ගියේ අද දවසට තමන් එක්ක එක වචනයක් කතා නොකරපු තමන්ගෙ චුටි පැටියව හොයාගෙන...
දැන් යුන්ටර ඉන්නවා චුටි පැටියෙක්. යුන්කුක් දෙන්නගේ මුළු ලෝකේම. ජන්කුක් වගේම යුන්රත් මැරි කරලා දැන් අවුරුදු 5ක් වෙනවා. දැන් එයාලට ඉන්නවා අවුරුදු 4ක චුටි කෙලි පැටික්කියක්.....
JEON JUNGHEE ජන්කුක්ගෙ වගේම යුන්රගේත් ප්‍රින්සස්. අවුරුදු හතරක් වුණ චුටි කෙල්ල කටකාර දගකාර කෙල්ලෙක්....
" ප්‍රින්සස් කෝ ඔයා..."
යුන්රා ගියේ ජන්ග්හිගේ කාමරේට. යුන්රා යනකොට චුටි කෙල්ල බිම ඉඳගෙන හරි හරියට මොනාද අදිනවා. යුන්රා ටික වෙලාවක් ජන්ග්හි දිහා බලන් ඉඳලා හිමිට චුටි කෙල්ල ළඟට ළං වුණේ චුටි කෙල්ල තමන්වත් ගණන් නොගෙන එච්චරටම මොනාද කරන්නෙ බලන්න...
" මොනාද ප්‍රින්සස් ඔය ඔච්චරටම අදින්නේ..."
යුන්රා එහෙම ඇහුවේ ජන්ග්හි අදින කොලෙ දිහාට එබේන ගමන්. ඒ කොලේ අැදලා තිබ්බෙ චුටි ගෑණු ළමයෙක් වගේම ඒ ගෑණු ළමයගෙ දකුණු පැත්තෙ ගෑණු කෙනෙකුත් වම් පැත්තෙ පිරිමි කෙනෙකුත් අැදලා තිබ්බා. ඒක දැකපු යුන්රට හිතුණේ ජන්ග්හි මේ ඇදලා තියෙන්නේ එයාලගෙ චුටි පවුල කියලා...
" මම අපෙ පවුල අදිනවා. මේ ඉන්නෙ මම, මේ ඉන්නෙ ඔම්මා, එතකොට මේ අප්පා...."
එහෙම කියපු චුටි කෙල්ලව යුන්රා තමන්ගෙ උකුල උඩට අරන් ඒ චුටි මුණේ ගැවිලා තියෙන පාට පාට චෝක් ටික පිහිදුවා...
YOU ARE READING
MR.JEON & MS.JEON <||JJK||> [completed]
Fanfiction"යුන්......" "ඔප්පා...." "යුන් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා..." "මොකක්ද ඔප්පා...." "යුන්... මන් ඔයාට...." "ඔප්... පා...මෝ..කද.. මේ..." "යුන් මන් ඔයාට ආදරේයි...." "ආ....." __________________________________________________ "මැණික....." "හ්ම්...