♥️ Mr.Jeon & Mis.Jeon - 16 ♥️

496 83 3
                                    


After one week

A/N

සතියක් ගෙව්නේ ඇසිපිය ගහන තරම් වේගෙකින්. මේ සතිය තුල ජන්කුක් ගොඩක් කාර්යබහුල පුද්ගලයෙක් වුණා.

ඒ වගෙම යුන්රත්... යුන්රත් තමන්ගෙ අධ්‍යාපන කටයුතුත් සමග කාර්යබහුල වුණා...

යුන්රා සහා ජන්කුක්ට කතා කරන්න තරම්වත් කාලයක් තිබ්බෙ නෑ- නෑ කතා කරන්න කාලය හම්බවුණත් ඒ දෙන්නා කතා කළේ නෑ.... ඒකට හේතු තිබ්බා....

1.ජන්කුක් යුන්රත් එක්ක කතා කරේ නැත්තෙ එයා සතියකට කලින් යුන්රට කියපු දේවල් නිසා.... ජංකුක්ට හිතුණේ 'යුන් මන් ගැන මොනා හිතුවද දන්නේ නෑ... ඇයි මන් ඒ වගේ දෙයක් එයාට කිව්වේ....'

2. යුන්රා ජන්කුක් එක්ක කතා කළේ නැත්තෙ එයාගෙ හිතේ තියන දේවල් ජන්කුක් දැන ගනි කියලා....

ඔය වගේ එක එක හේතු නිසා ඒ දෙන්න කතාබහා කළේ ගොඩක් අඩුවෙන්....

ඒත් පුළුවන්ද ආදරේ කරන දෙන්නෙක්ට කතා නොකර ඉන්න... බෑ... ඒක කරන්න බැරි වැඩක්....

ජන්කුක් හදන්නෙ තමන්ගෙ හිත ඇතුලේ හට ගත්ත ඒ ආදරේ හදවතෙම තැම්පත් කර ගන්න. එළියට එන්න නොදි...  යුන්රා කරන්න හදන්නෙත් ඒකමයි.... එහෙම කරන්න පුළුවන්ද?... 

ඔව් පුළුවන්...

ඒත් මේ... මේ ඒ දෙන්නගෙ හිත් තුල ඇතිවන පළමු ප්‍රේමය.... කෙනෙක්ගෙ හිතේ ඇතිවන පළවෙනි ආදරය අමතක කරන්න ගොඩක් අමාරුයි... ඒ වගේ තමා මෙකත්....

ජන්කුක්ගෙ පලවෙනි ආදරේ යුන්රා වන අතර යුන්රගේ පලවෙනි ආදරේත් ජන්කුක් වෙනවා.....ඒත් එයාලා තාම දන්නේ නෑ එයාලා දෙන්නට දෙන්නා ආදරේ කරනවා කියලා...ඒත් ඒක වෙන්න පුළුවන්ද?... මොකද ජන්කුක් යුන්රා කියන්නේ සහෝදරයෝ.....

අන්න ඒ හේතුව නිසා තමයි එයාලා එයාලගේ හිතේ ඇතිවුණ ආදරේ හිත් පතුළේම වළලලා දන්න හදන්නෙ....

ඒත් ඒ දෙ කරන්න පුළුවන් වෙයිද?....

අපි ඒ හැමදෙම කාලයට බාර දෙමු.....

Junkook p.o.v

හරි ඉක්මනින් සතියක් ගෙවිලා ගියා. ගිය සතිය පුරාවටම මම ගොඩක් කාර්යබහුල වුණා.... උදේන්ම ඔෆිස් ගියාම අයිත් ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා.....ඔම්මා අප්පා දෙන්නම ඇමරිකා ගිය නිසා හැමදෙම බලා ගන්න ඉතිං මමනේ...  ඒත් මට තාම හිතා ගන්න බැරි එයාලා එක පාට්ටම එහෙම ගමනක් ගියේ ඇයි කියලා...

MR.JEON & MS.JEON <||JJK||> [completed]Kde žijí příběhy. Začni objevovat