මීට ඉස්සෙලා මගේ පස්සේන් ආපු එවුන් අන්දපු එක ගැන මට කිසි අවුලක් තිබුනේ නෑ.... ඒත් මේ වගේ අහිංසකයෙක්ට එහෙම කරා කිව්වම මට දාරගෙන ඉන්න බෑ... හිත ගොඩක් අවුල් වුනත් පාටි එකේ අන්තිම හරියට තොරගත්ත සිංදු ටිකත් කියලා පොඩි එවුන්ව සතුටු කරලා මම එන්න ගෙදර ආවා.... ඒත් හිත තාමත් විසිරිච්ච ගමන් මයි..
රිනුෂ ගැන මට ලොකු අවුලක් දැනුනා.....මට තුෂානයා ගැන පුදුම තරහක් තිබුනේ වැඩට ආපු ගමන් කරේ මුල්ලකට තනියම ඇදන් ගිහින් හොදවයින් දෙකක් කියපු එක....... මිනිහටත් පුදුමයි කොල්ලා ඒවගේ ජිවිතයක් ගෙවනවා කියලා ඇහුවම... ඇත්තටම රිනූෂගේ පිටතින් බලලා නම් ඇතුලත කවදාවත් තෙරුම් ගන්න බෑ...පෙනුම වගේම උගේ හිතත් ඒතරමට හයියයි......
"ආ... බීපන්... මට බැනලා බැනලා උගුර කටත් වේලිලා ඇතිනේ......"
අච්චර බැනලත් තුෂාන් මගේ තේ එකත් අරගෙන ඇවිත් දෙන කොට මට නිකම්ම උගේ මූන බැලුනා.... ඇත්තටම මුන් සේරම යකඩ හිත් තියන මිනිස්සු ද .. නැත්තම් මට වඩා හොද මානසික මට්ටමකට හිත දියුනු කරපු එවුන් ද මන්දා..... ඇයි යකෝ මෙච්චරම මම කියන දෙවල් මුන්ට ගානක් නෑනේ.... ඒකට අපේ ගෙදර උන්... එක වචනයක් ඇති සතියක් දෙකක් මූන දික්කරගෙන ඉන්න....
"මොකෝ මූන දිහා බලන්නේ...පෙරහැර යන්න තාම කප් හිටෙව්වේ නෑ....."
"නෑ කප් හිටවන්නෙ නැතුවම පෙරහැර යවනවද කියලා බැලුවේ...."
"මම කිව්වායි කියලා හිතාගනින් නරියා....."
"ඇත්තටම මම මෙච්චර බැනලත් උඹට අවුල් නැද්ද බන්...."
"නැ... පිස්සෝ මොනා කරත් අපි ඉතින් ඉවසන්න එපැයි... අනික ලෙඩ්ඩු කලබල උනාට දොස්තරලා කලබල වෙන්නේ නෑනේ....."
"අනේ මේ මම කිව්වයි කියලා හිතාගනින්....මේ ඇත්තටම උඹ මාත් එක්ක තරහද ? නෑනේද බන්...."
"නෑ බන් පිස්සුද... අනික මගේ වැරැද්ද බන්... උඹ අරෙහෙම කිව්වහම මට පට්ට අවුල් හිතුනා බන්... මම හිතුවේ උඹව දැකලා වෙනදා වගේම පස්සෙන් එන එකෙක් කියලා....උඹටත් අප්සට් ඇති මම නිසා..."
"නෑ බන්... මට අප්සෙට් ගියේ කොල්ල ජීවත් වෙන විදිහ ඇහැව්වාම.......අද ඌ බස් එකේ ඉන්නවද කියලත් මම බැලුවා... උදේට සමහර වෙලාවට අපේ එකටම නගිනවා... ඒත් මිනිහා අද පේන්න හිටියේ නෑ...."
YOU ARE READING
වර්ෂ || BL
Phi Hư Cấu"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"