21 වන දිගහැරුම (අවසාන කොටස)

3.2K 304 110
                                    

පොද වැස්ස නිසා වැලේ වෙලෙන්න දාපු මගෙයි මල්ලියාගේයි ඇදුම් අරන් ගෙට එන කොට අම්මා මුන ඇදකරගෙන ගස්සනගෙන ගියා...මොකද දැන් මල්ලිගේ ඇදුම් කියලා හරි මගේ ඇදුම් කියලා හරි වෙනසක් නැති තරම්.....ඉතින් පුලු පුලුවන් විදිහට ඉඩ ඇති විදිහට ගන්න පුලුවන් හැම ඇදුමක්ම මම එක පාරම ගෙට ගන්න උත්සහ කලා.... හිතට දැනෙන හැගිම් ගැන හිතන්නේ නැතිව මම බෑග් එක පැක් කරගත්තා.... අද ඩොක්ටර් මල්ලිගේ ටිකට් කපනවා කිව්වා... එක හැගිමක් හැමදේම අත්අරින්න තරම් ශක්තියක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ....

"දැන් උඹ කොහෙද යන්න හදන්නේ.... අපි උඹට ගෙදරින්න යන්න කිව්වද චුටි......"

අම්මා තරහෙන් කෑගහලා ඇහුව්වත් මම උත්තරයක් දෙන්න ගියේ නෑ... මොකද වචන පිට කරන තරමට අපි හැමෝගෙම හිත් රිදෙන එකයි වෙන්නේ.....

"අතපය නොකඩ රෑ දවල් දුක් විදල අපි උඹලාව මේ තත්වේට ගෙනාවේ චුටි.... ඒ අපිට බැරිවෙන කොට උඹලාගෙන් හම්බකරන් කාලා උඹලට බරක් වෙලා වැටිලා ඉන්න නම් නෙවේ... මොකද මැරෙනකම් කාලා ඇදලා ඉන්න උඹගේ අප්පච්චිගේ පැන්ෂන් එක තියනවා අපිට......"

අම්මා අඩ අඩා ඇදේ කොනක වාඩි වෙලා කියන්න ගත්තා... ඒත් මට දෙන්න උත්තර නෑ..... මේ හැමදේම සිද්ද වෙන්න පටන් ගත්තේ මල්ලිගේ අත්තම්මාගේ මළ ගෙදරින්.... එදා කෝල් එක ආවේ අත්තම්මට හොදටම අමාරුවෙලා හොස්පිට්ල් ගෙනිහිල්ලා කියලා.. ඒත් අපි යන කොට අත්තම්මා නැතිවෙලා....

මේ ලෝකේ කාත් කරුවත් නැතිව තනි වෙනවා කියන දේ එච්චර ලේසි දෙයක් නෙවේ...... ඒදා මට කොල්ලා විදපු වේදානාව හොදට තෙරුනා... බැරි වෙලා හරි මම නොහිටියා නම් මේ අහිංසකයා මොනා කරගනිද දන්නේ නෑ...... ඉතින් අත්තම්ගේ අවසන් කැමැත්ත අනුව හැමදේම ගෙදරට ගෙන්නේ නැතිව ඉවර කලා.... හාමුදුරුවො වැඩමකරලා හැමදේම කරලා ඉවර කලා... මේ හැමදේම මට තනියෙන් කරන්න උනා..... අපේ අත්තම්මයි අපේ ගෙදර අයයි අත්තම්මා සමීපව ආශ්‍රය කරපු අහල පහල අයයි විතරයි හිටියේ....

ඒත් මේ හැමදේම අතරේ මල්ලිගේ හැසිරිම නිසා අපි දෙන්නාගේ සම්බන්ධය මොකද්ද කියලා අපේ ගෙදර අයට හංගන්න බැරි උනා......මොකද මල්ලි හැම වෙලාවේම මාව බදාගන අඩන විදිහට, මටත් නොදැනි මම ඌව සනසන විදිහට, අපි දෙන්න හැසිරෙන විදිහට ඒ දේ දැනෙන්න ඇති... ඒත් මේ කිසිම දෙයක් මට පාලනය කරන්න බෑ....

වර්ෂ  || BLWhere stories live. Discover now