18 වන දිගහැරුම

1.3K 212 22
                                    

හිත ඇතුලේ තෙරපෙන හැම හැගිමක්ම මූනෙන් හැසිරිමෙන් පෙන්නේ නැතිව ඉන්න ලොකු ගේමක් දෙන්න වුනා...

ඒ වගේම බඩ කොන්ක්‍රීට් දාලා වගේ... දවස දෙක තුනක් හිටියත් බඩගිනි නෑ කියලා දැනෙද්දිත් ගෙදර මිනිස්සු කන බොන වෙලාවට වෙනදා රස කර කර කන කෑම කිසිම රසක් ගුණක් නැතිව උගුරෙන් පහලට දාගත්තේ වෙනසක් දැනුනොතින් දෙන්න උත්තරයක් මගේ ගාව නැති නිසා.....

ගෙදර අයගෙයි ඔෆිස් එකේ උන්ගේයි මෝඩ ජෝක් වලට උන් එක්ක බොරුවටත් එක්කම වැඩිපුර හිනා වුනේ කරන්න දෙයක් නැති මහා සරණ කමකට.... ඒත් තුෂාන් මේ හැමදේම දන්න නිසා ඌ දුකෙන් වගේ මගේ දිහා බැලුවා... මේ වේදනාකාරි රංගනය මේ හුස්ම වැටෙන කම් කරන්න වෙනවා..... මොකද මේ පාර තෝර ගත්තේ මමයි....

"ඉතින් මචංලා මේ අනිත් කතාව..."

ඔෆිස් එකේ ජෝකර්... ෆරාන් අයියා.... ඌ නම් පිස්සෙක්ම තමයි... උගේ රග පපා කියන කතා අහන් ඉන්න කොට යාන්තම්න් පිච්චිලා ගිය සියුම් නහර වලට සහනයක් දැනෙනවා වගේ....

"ඉතින් බන් මිනිහා මැරිලා ගෑනි හෝ ගාලා අඩනවලු..... අනේ මම තනිවුනා... මට කවුද දැන් ඉන්නේ මගේ දෙයියො.... මගේ දෙයියා මාවා දාලා ගියා...... කියලා අඩනවලු.... ඒ අස්සේ මැරිච්ච මිනිහගේ මල්ලි.... මේකිගේ මස්සිනා... අර අඩන ගෑණිව තුරුල් කරන් ඌත් මෙහෙම කිය කිය අඩනවලු..... අනේ අක්කේ ඇයි එහෙම කියන්නේ.... අක්කට මේ මම දෙවියෙක් වගේ ඉන්නනේ කියලා........ඉතින් අර ගෑනිත් අඩන ටෝන් එකටම කියාගන යනවලු.... එක තමයි මගේ දෙයියෝ මට තියන සැනසීම.... කියල....... ඔන්න ගෑණු බන්....."

කට්ටිය කැකිරි ඇට කිලෝ ගණනින් විසිවෙන්න හිනා වෙනවා.... මේ ලෝකේ ප්‍රශ්න දුක වේදනා නැති මිනිස්සු නෑ... ඉන්නෙ දුක වේදනා විවිධ ප්‍රමාණයන්ගෙන් විදින මිනිස්සු.... මම දන්නවා මුන් මෙහෙම හිනා වුත් මුන් හැමෝටමත් මට වඩා ප්‍රශ්න ඇති.... ඒත් උන්ගෙයි මගේයි වෙනස වෙන්නේ... උන්ට උන්ගේ වේදනාව බෙදාගන්න පුලුවන් කාත් එක්ක හරි කියලා... ඒත් මට එහෙම මගේ ප්‍රශ්න කාත් එක්කවත් කතා කරන්න බැරි එකයි ලොකුම අසණකම......

"වර්ෂ... යමන්......."

හිත කොහෙදෝ ලෝකෙක අතරමන් වෙලා තියන කොට තුෂාන් මගේ උරහිසට තට්ටු කරලා කතා කරලා ඉස්සරහට ඇවිදන් ගියා.. මම නැගිටලා උගේ පස්සෙන් ගියා....කවුරුත් නැති ඔෆිස් එකේ අපි දෙන්නා මූනට මූන දාලා පුටු දෙකකින් වාඩි වුනා.....

වර්ෂ  || BLWhere stories live. Discover now