20 වන දිගහැරුම

1.7K 230 45
                                    

හැමදේම වෙන්නෙ හොදට කියලා හිතුවත් රිනූෂගේ සමහර හැසිරිම් නිසා මම මගේ පාඩුවේ ඉන්න ගොඩක් වෙලාවට උත්සහ කලා...

ඒත් හොදම වැඩේ කියන්නේ.... නතර වෙන්න තැනක් හොයනකොට විසල් මාව ගිහින් දාලා තියෙන්නේ රිනූෂ හිටිය තැනමටයි... හොද වෙලාවට අපි දෙන්නා කාමර දෙකක නැත්නම් මේ වෙලා තියන දෙවලුත් එක්ක දෙන්නම කුලල් කාගන නැටි දෙක විතරයි ඉතුරු වෙන්නේ........

හැබැයි ඉතින් රිනූෂ හිතාන ඉන්නේ මම ප්ලෑන් කරලා ඒකත් කරා කියලා.... මොනා කරන්ද සමහර දේවල් ගැන තමන්ගේ නිර්දෝශිභාවය කොහොම ඔප්පු කලත් වැඩක් නෑ.... මිනිස්සු පිලිගන්නේ එයාලට ඕනේ දේ විතරයි... ඒක නිසා කාලයට ඉඩ දිලා බලාන ඉන්න ඕනේ... ඒත් තරහ වෙලා හරි අපි දෙන්නට දෙන්නා ඇස්මායිමේ ඉන්න එක පුදුම විදිහට හිතට සතුටක් ගෙනල්ලා දුන්නා....

ඒත් කොල්ලා උදේට එලියේ තියන ෂවර් එකෙන් නාගන පොඩිම පොඩි තුවා කොටයක් ඇදන් දුවගෙන එන කොට නම්.... එතකොට ඉතින් කෝච්චි එන කොටත් රේල් ගෙට්ටුත් ඉස්සෙනවා.... වෙලාවකට හිතෙනවා ජොකා පිටින් නැත්තම් ඔක්කොම පේන්න පොඩි තුවා කෑල්ලක් ඇදගන එහේ මෙහේ දුවන්නේ මාව අවුස්සනද කියලා.... මොකද බෝඩිමේ හිටපු අනිත් උන්ට ඒකේ කිසිම ගානක් නැති උනාට මගේ පපුව නම් එතකොට වේගයෙන් ගැහෙනවා....

ඉතින් දවස දෙක ගෙවිලා යන කොට අනේ මන්දා මට තෙරෙන්නේ නෑ... මට ඌව ඕනෙමයි කියලා දැනුනා.... ආදරය වගේම අනිත් හැම හැගිමක්ම ඌ ලගදි පනගහලා එන කොට දාරගන්න අමාරුයි... දුකත් හිතෙනවා මේ හිතට දැනේන හැගිම ඉස්සර තිබුනම් කොල්ලා සදහටම මගේ වෙලා ඉවරයි නේද කියලත්.....

"ආ..වර්ෂ අයියේ... යමන් තේකක් බොන්න...... "

"වැඩ අස්සේ හැමදේම අමතක උනා බන්....."

විසල් ඇවිත් කතා කරනකම් මතක් වුනේ නෑ ටී ටයිම් එක කියල... මම වාඩිවෙලා ඉන්න ගමන්ම ඌව මගේ ලගට ඇදලා අරගෙන ඉන වටේ අතක් දාගත්තා..... මම දන්නවා මේ විදින්නේ හාවට නෙවේ පදුරුට උනාට වදින්නේ හාවට කියලා... මොකද මට නෝට් වෙලා තියනවා මල්ලිට මල පනිනවා මම විසල් එක්ක ඉන්නවා දකිනකොට...

ඒක ඇත්තටම කොල එලියක් විදිහට මට දැනුනේ...... මොනා කරන්නද මේ අහිංසකයවත් පාවිච්චි කරන්න වෙලා මට ආපහු මගේ ආදරේ දිනාගන්න... යුද්දෙදියි ආදරෙදියි කරන ඕන දෙයක් සාදාරණයි කියලා කියල තියනවනේ....... කොහොමත් මගේ ජීව්තේට රිනූෂව නැතිව තවත් බෑ කියලා තදින් දැනුනා..... ලැජ්ජාව පැත්තක තියලා දනින් වැටිලා ආදරය හිගාකන්න හිතෙන තරමට හිතත් අසරණ වෙලා.... ඒත් මම පුලුවන් තරම් දරාගත්තා...... මොකද යකඩේ තලන්න පුලුවන් මට්ටම තාමත් රත්වෙලා නෑ.......

වර්ෂ  || BLWhere stories live. Discover now