හැම දවසක්ම එකම හැඩයෙන් එකම විදිහට ගෙවිල යන එක මහා විකාරයක් වගේ දැනුනේ....
දවසින් දවස ගෙදර තියන කරදර අඩුවක් නෑ... ඒත් ජිවිතේ පොඩි වෙනසකට තිබුනේ අප්පච්චිලාගේ කම්පැනි එකේ අවුරුද්දකට සැරයක් යන ට්‍රිප් එක විතරයි... මුලු කම්පැනි එකේම වැඩ කරන හැම සේවකයෙක් වෙනුවෙන් හොද හොටෙල් එකක් සිලෙක්ට් කරලා කම්පැනි එකෙන්ම බුක් කරනවා.... ඒත් එකත් ඉතින් බේබද්දන්ට නම් සුපිරියි.... මොකද යනවා නවතිනවා දවසක් ඉන්නවා ඇති වෙන්න බොනවා ආපහු එනවා... ගෙවිලා ගිය හැම අවුරුද්දකම වගේ ඔය මගුලමයි උනේ......ඒක නිසාම අප්පච්චියි අයියටයි යන්න කියලා මම අත්තම්මා එක්ක ගෙදර නතර උනේ හිතේ කරදරයක් නැතිව දවසක් හරි ඉන්න පුලුවන් වෙයි කියලා... ඒත් එකෙන් වුනේ කරදර වැඩි වෙච්ච එක......
"අනේ චුටි පුතේ තාම ඔය තේක බිලා ඉවර වුනේ නැද්ද... උඹට බැරිනම් බෑ කිහයහන් මම බස් එකේවත් ගිහින් එන්නම්........."
ගෙදර දෙන්නෙක් අද අඩු නිසාවත් ගෙදරට වෙලා මගේ පාඩුවේ මට ඕන විදිහට ඉන්න හිතාගෙන හිටියත් අත්තම්මා ඒ දෙන්නාගේම අඩුව සම්පුර්ණ කරන්න වගේ කොහෙදො යන්න දාගෙන මට බෙරිහන් දෙනවා... හිතට ලොකු කෙන්තියක් කලකිරිමක් දැනුනත් මුකුත් කියන්නේ නැතිව මග් එකේ ඉතුරු වෙලා තිබුන තේක අත්තම්මට පෙන්නම මිදුලට විසිකරලා මග් එක සොදලා ඇදගෙන ආවා.....
"අනේ ඉක්මක් කරමු පුතේ වැස්සකුත් එන්න යන්නේ...."
"මේක බයික් එකක් මිසක් ජෙට් එකක් නෙවේ අත්තම්මේ....."
"අනේ.. උඹ හිතුවද මම දන්නේ නෑ කියලා....."
වෙලාවකට මෙයත් පුදුම ඇණයක් වගේම පුදුම වේදනාවක් මට දෙන්නේ.....
"හරි දැන්වත් කොහාටද යන්නේ කියන්න කෝ... "
"පොඩ්ඩක් අර ඉස්සරහ පලතුරු කඩ ලගින් නතර කරහන්.. තැනකට යන කොට හිස් අතින් යන්න හොද නෑ..."
"මේ ඇත්ත කියන්න අත්තම්මේ.... අප්පච්චි නැති වෙලාවේ මට කෙල්ලෙක් එහෙම බලන්න නෙමේනේ අපි මේ යන්නේ...."
"අනේ... මට හෙදට සිහි කල්පනවා තියනවා... තාම අවුල් වෙලා නෑ... අනික ලොකු දරුවා ඉන්න කොට උඹට මොකටද ඔය තරම් හදිස්සියක්....."
YOU ARE READING
වර්ෂ || BL
Non-Fiction"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"