02 වන දිගහැරුම

2.2K 316 32
                                    

බස් එක පාර පිහිදගෙන වැනි වැනි බීපු මිනිහෙක් වගේ බඩගානවා...

"මේක පට්ට චොකලට් එකක් බන්... දැන්වත් කෑල්ලක් කනවද....."

"අනේ මේ තුෂාන් මගේ යකා අවුස්සන්නේ නැතුව ඉදින්......"

"ආ හරි හරි... කොහොමත් උඹ ඉල්ලුවත් මේකෙන් කෑල්ලක් දෙන්න ලෝභයි මට.. බොරුවට ඇහුව්වෙ ඉතින්....ඇත්තට උඹට වගේ මටත් කවුරු හරි පිස්සු වැටිලා පස්සෙන් ආවානම්....."

"විහිලුවක් නෙවේ බන්... ඔය අහිංසකයාව අවුස්සන එක නතර කරහන් දෙයියනේ.... මම දන්නව උඹ තමයි කොල්ලට කිව්වේ මම චොකලට් වලට ආසයි.... ඒකත් රට ඒවාට කියලා......"

"ඒ ඇත්තටම බන් මම ජෝක් එකටනේ කිව්වේ..... "

"උඹට ජෝක් උනාට ඒ පිස්සාට ඒක පපුවටම දැනේනවා බන්.... අඩුම ගානේ උඹට තෙරෙන්නේ නැද්ද.. ඒ වයසට උස්ස ගන්න බැරි බරක් වුනත් උස්සගෙන ආදරේ හරි ආකර්ශනය හරි මොකක් හරි කෙහෙල් මල් හැගිමක් නිසා උගේ මුළු ලෝකයම මාව කරගෙන කියලා උඹට හිතෙන්නේ නැද්ද.... වැඩිය ඕන නෑ... ඇයි මම චොකලට් වලට ආසයි කිව්වම උස්සන් ආවේ...."

"ආ.. මේ උඹව දාගන්න වෙන්න ඇති...අහ්හ් නැද්ද.... හරි... හරි... මේච්චර වෙලා කියවපු එකේ උඹම ඒකට උත්තරෙත් දීහන්කෝ......"

"බුරුවො... ඌට කරන්න බැරි වුනත් ඒ අහිංසකයා මම ආසා දේවල් මට ගෙනල්ලා දීලා මාව සතුටින් තියන්න හදනවා කියලා දැනෙන්නෙ නැද්ද..... උගේ වයසට ඔරොත්තු දෙන්නේ නැති ආදරයක් පස්සේ දුවන්න අරගෙන තියෙන්නේ බන්..... "

"අනේ මචං... මම මේ....."

"කාගෙවත් හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා බන්... මොකද උඹට නැතත් දවසක මට විදවන්න වෙයි... ඔය විදිහටම පාරක් පාරක් ගානේ වෙලි වෙලි මම එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියා වාගේ... මටත් විදවන්න වෙයි බන්......"

"අනේ සොරි කොල්ලෝ... මම එච්චර හිතුවේ නෑ... දන්නේ නැද්ද.. ඉතින්....."

"හරි... වුන දේ වුනා මීටපස්සෙවත් පනින රිලවුන්ට ඉනිමන් තියන්නේ නැතිව හිටහන්......"

මගේ අතිතය මට නිකම්ම මැවිලා පෙනුනා... මොනා හරි දෙයකට එයා ආසයි කියලා මම ගොඩක් දුර පයින් ගිහින් අරගෙන ඇවිත් තිබුනා.... මොකද ඒ දේ දකින කොට ඒ මූනේ එකම එක අහිංසක හිනාවක් බලන්න.... මේ කොල්ලත් මට චොකලට් එක දිලා මගේ දිහා බලාන හිටියේ උගේ හිත පුරා ඒ සතුට විදගන්න.... අපි දෙන්නම එකම බොට්ටුවේ.....

වර්ෂ  || BLWhere stories live. Discover now