මේ ලෝකේ වැඩියෙන්ම පරිස්සම් කරගන්න බැරිදේ මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොතින් ඒ අය ගොඩක් දෙවල් කියාවි...
ඒත් ඇත්තටම පරිස්සන් කරගන්න අමාරුම දේ තමයි තමන්ගේ හිත.... ගත වෙන හැම තප්පරයකම හිත අපි දාන සීමාවන් බාදකයන් තුල රැදෙන ස්වභාවට වඩා ඒ ස්වභාවයන් බිදගෙන සීමා මායිම නැතිව යන්න තමයි උත්සහ කරන්නේ... ඒ වගේම එහෙම ගිහින් නවතින්නේ නැතිව හිතෙන් අල්ල ගත්තා වූ සිමාවට ගතත් ගෙනියන්න ඒ හිත උත්සහ කරවා......මම හිතන්නේ මගේ තත්වෙත් ඒ වගේමයි....
මට කොල්ලව මතක් නොවෙන වෙලාවක් නෑ.... ස්කූල් යුනි ෆොම් එකක් දැක්කාම නිකම්ම ගැස්සිලා ගිහින් වගේ මටත් නොදැනිම මගේ ආවධානය විසිරිලා ඒ දේට යොමු වෙනවා...... ඒත් මේක ආදරය වෙන්න බෑ කියන දේ මගේ හිත ආයෙමත් කියන්න ගත්තා....
"ආදරයේ සුළි සුලගේ
මා පැටලෙන්නේ ඔබ රැව සොයා
හි පහරින් සමුගත්තේ
මගේ පණ රැකදෙන්නයි ඔයා...
ඉපදෙන්නේ නැවතත් මා
වශයෙන් ඔබ ආදරේ.... ..""අම්මෝ ඇති ඇති තල් අත්තට බොරලු ලොඩ් එකක් ටිපර් කරා වාගේ... මගේ කන් අගුල් වැටුනා....."
ඇත්තටම තුෂාන් පට්ට ලස්සනට ඒ සිංදුව කිව්වා.. ඒක කොයි තරම්ද කියනවා නම් ඒ වචන වලට අවුල් වෙලා තියන හිත තවත් අවුල් වෙලා ගියා වගේ දැනුනා... ඇත්තටම මල්ලිගේ ආදරේ මාව අමුතුම මිනිහෙක් විදිහට උපද්දවන්න හදනවාද කියලා හිතාගන්න බෑ.... මට ඌ නැතිව ඉන්න බෑ වගේ දැනෙන තැනට පත් වෙයි කියලා බයයි.....
"ඔය ඔය..... ආයෙත් කල්පනාව... මොකද්ද බන් වෙලා තියෙන්නේ..."
"අනේ මේ තුෂාන් මට මගේ පාඩුවේ ඉන්න දිලා ගිහින් වැඩක් කරහන් බන්...."
"ඇත්තටම උඹට මොකද්ද වෙලා තියෙන්නේ කියන්නද මන්..."
"අනේ එපා.. මට වෙලා තියෙන දේ මොකක්ද කියලා මම දන්න නිසා මට ඒක උබේ කටින් අමුතුවෙන් අහගන්න කිසිම උවමනාවක් නෑ... පින් සිද්ද වෙයි මට පවු නොදි පලයන් සීට් එකට...."
"ආ ඒවා කොහෙද මාත් එක්ක... උඹ නොකිව්වත් ඔය උගුරට හොරා ගිලලා දාන්න හදන බෙහෙත මොකද්ද කියලා මම දන්නවා කියන එක මතක තියාගනින්...."
YOU ARE READING
වර්ෂ || BL
No Ficción"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"