මම පුටුව පස්සට ඇදලා නැගිට්ට පාර අත්තම්මාත් බය වෙලා ආවා.. කොල්ලා චන්ඩියා වගේ දැගලුවට මම නැගිට්ට විදිහට ඌ හොදටම බය වුනා....
"අනේ දෙයියෙන් මොකද්ද සුදූ මේ නටන නාඩගමේ තෙරුම කියහන් දෙයියනේ.. ආපු වෙලාවේ ඉදලා මේ දරුවා එක්ක පැටලෙන්න හදන්නේ ඇයි...."
රිනුෂ මුකුත් කියන්නේ නැතිව ගස්සගෙන ඇතුලට ගියා...
"උදේ ඉදන් පොලවත් එක්ක මැරිලා මැරිලා මේ කොල්ලගේ ඔලුවත් නරක් වෙලාද මන්දා පුතේ... අනේ වාඩිවෙලා කලා ඉන්න මැණික.... මම සුටුස්ගාලා තේක හදලා දෙනකම්...."
මට නැගිටලා යන්න හිතුනත් එහෙම කරොත් අත්තම්මාගේ වගේම අර පිස්සාගේ හිත තවත් රිදෙනවා... මම දන්නවා ඔය තරහ ඇතුලේත් මොනා හරි දෙයක් තියනවා.. අනික මමයි වැරදි... මට මේ වෙච්චදේට නම් සමාවක් ලැබෙන්නේ නෑ.....
"අත්තම්මේ මට බඩගිනි....."
මගේ දිහා බලන්නේ නැතිව පොඩ්ඩක් සැර බාල කරලා බිම බලාගෙන අත්තම්මා ගාව ඉන්න විදිහට මට පවු කියලා හිතුනා... පොඩි ෂොටකුටි ටිෂර්ට් එකකුයි ඇදන් ඉන්න විදිහට තවත් හුරතල් කියලා මට හිතුනා....
"අර වට්ටියේන් වහලා ඇති සුදු....."
කොල්ල බත් එක අරන් වට පිට බැලුව විදිහට මට තේරුනා ෂුවර් එකට මම රජ්ජුරුවෝ වගේ වාඩි වෙලා ඉන්නේ උගේ සිංහාසනේ උඩද කොහෙදෝ කියලා... මම මට නෙවේ.... මම දන්නේ නෑ වගේ පාඩුවේ ලැවරියා එක කටින් පිබ පිබ කන කොට තරහෙන් ඇවිත් මට එහා පැත්තෙන් තිබුන අනිත් පුටුවේ වාඩි වුනා......
මට ගොඩක් දේවල් අහන්න හිතට ආවට අහන්න හිතුනේ නෑ.... ඇත්තටම මට බයක් දැනුනා මූට තරහ යන විදිහට.... කගේවත් තරහ යන විදිහකට බය නැති මට දැන් බයක් දැනේනවා අනේ මන්දා මට මොනා වෙනලාද කියලා...
"මල්ලි... මේ...."
"ඒ පාර මොකද....."
"නැ මේ... ඇයි ඔයා වත්තේ වැඩට යන්නේ.... ක්ලාස් යන්න අත්තම්මා දෙන සල්ලි මදිද...."
"අත්තම්මා දෙන සල්ලි වලින් ක්ලාස් ෆීස් ගෙවන්න ඇති.... ඒත් බස් හොල්ට් ගානේ ඉන්න කොල්ලන්ට චොකලට් කවන්න... පොඩ්ඩක් වටේ යන්න සල්ලි මදි එක නිසයි වත්තේ වැඩට යන්නේ... දැන් හරිද........"
YOU ARE READING
වර්ෂ || BL
No Ficción"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"