හැම දෙම වෙන්නේ මගේ හදවතට විරුද්ධව උනත් ඒ හැම දෙයක් දිහාම ගහක් ගලක් වගේ බලාගෙන ඉන්න සිද්ද වෙලා තියනවා...
ජිවිතේ සමහර අවස්ථාවන් වලදි තෝරාගැනිම් කරන්න සිද්ද වෙන්නේ ගොඩක් හදවත රිද්දගෙන... එහෙමත් නැත්නම් බුද්ධියට ඉඩ දිලා හදවත මරලා දාලා.... ඒත් හැමදාම හැම වෙලාවකම හදවතින් ජීවත් වෙන එක කොයිතරම් ප්‍රායෝගිකද කියන එක ප්‍රශ්නයක්.... ඒ වගේ අපේ ජීවත ගැනත් තින්දු තිරණ ගන්න සමහර අවස්වල සිද්ද වෙනවා... මොනා කරන්නද.......
හැමදේම හැම වේදනාවක්ම මගේ පිටින් පලයන් කියලා හිතාගේන හිත ගල් කරගෙන ජීවත් වෙන්න හිතුවා....මම කෝකටත් කියලා කොල්ලා මොකද්ද කරන්නේ කියලා බලන්න ඇතුලට ගියා... මල්ලි එයාගේ කාමරයේ නෑ.... කාමරයේ හැමදේම වෙනස් කරලා... කෝකටත් කියලා මම අත්තම්මාගේ කාමරයට ඔලුව දලා බැලුවා.....දැක්ක දේ මට දරාගන්න බැරි උනා... මල්ලි මම අමතක වෙලා ගිය ෂර්ට් එකක් තුරුල් කරගෙන කොට්ටේට මූන ඔබාගෙන අඩනවා.... වැස්ස ඌට හිතේ හැටියට කෑගහලා අඩන්න දිලා තියනවා...
මගේ පපුව හිරවෙලා ගියා.... මම උඹට මේ දුන්න වේදනාව කවදහරි මට පත්තුවෙයි රත්තනේ.... මම දැන හෝ නොදැන උඹට ලංවුනා වැඩියි..... පපුව ඇතුලෙන් කෑගහනවා ඇහෙනවා දුවගෙන ගිහින් ඒ අහිංසකයව පපුවට තුරුල් කරගනින් කියලා....ඒත් මම උඹට ලංවුනොත් උඹට ඔයිට වඩා වේදනාවකින් අඩන්න වෙයි මගේ මල්ලියෝ....මගේ ඇසුත් එහෙම්ම කදුළු වලින් බොද වෙලා යන කොට මම ආයෙත් ඉස්තෝප්පුවට ආවා....
හිත පුදුම විදිහට නොසංසුන් ..... ටිකක් වෙලා ඉන්න කොට මට බය හිතුනා මේ හිතුවක්කාරයා මොනවත් කරගනිවි ද කියලා... මොකද ඔය වයසට උන්ගේ හදවත විතරයිනේ වැඩ කරන්නේ මොලේ වැඩකරන්නේ නැති තරම්මනේ.....කලිනුත් ෆෑන් එකේ එල්ලෙන්න ගිය මනුස්සයා නෙහ්... මම ඇතුලට ඇවිත් බැලුවා.....
"මේ මොකෝ මේ........?"
මම යන කොට මල්ලි අත්තම්ගේ කාමරයේ ඇද අස්කරලා හදනවා...ඇඩුවා කියලා පෙන්නේ නැති වෙන්න හොදට මුන හොදගෙන අවිත් ක්‍රීම් ටිකකුත් මූනේ උලාගෙන ද කොහොදෝ... හරි ඉතින් උගේ වයසේ හැටියට එහෙම තමයි හැසිරෙන්නේ....ඒත් හිනාත් යනවා මිනිස්සු තරම් තරහකට හරි වෛරයකට හරි එහෙමත් නැත්නම් වේදනාවට හරි ඉක්මනින් වෙනස් වෙන්න පුලුවන් ජාතියක් තවත් නෑ... මොකද මොහොතකට ඉස්සෙල්ලා පන දෙන්න හිටිය මිනිහා... දැන් මාව ඇස්දෙකට පෙන්න බැරි ගානට හැසිරෙන්නේ.... ආදරයයි වෛරයයි අතර කෙස් ගහක පරතරයක් තියෙන්නේ... මේ පිස්සගෙ නම් ඊටත් වඩා අඩුද කොහෙදෝ.....මූන දික්කරගෙන වැඩ කරන කොට අමුතුම ලස්සනක් තියනවා... ඒ කම්මුල් රිදෙනේන හපන්න හිතෙනවා......අනේ මන්දා... මමත් හෝද හෝද මඩේමයි දාන්න බලන්නේ....
YOU ARE READING
වර්ෂ || BL
No Ficción"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"