හිත අස්සේ දගලන මේ නපුරු කම ගැන මටම වෙලාවකට පුදුම හිතෙනවා...
කවදාවත් කාටවත් මම මේ තරම් නපුරු කම් කරලා නැතිව ඇති...
මොකද කොච්චර තරහ ගියත් එහෙන් මෙහෙන් වචනයක් දෙකක් එලියට පැන්නට මොකද ඊලග තප්පරේ දි මම ඒ කෙනා කියපු දේ කරලා තියනවා.. ඒත් ඌත් මගේ ගානටම හරි හරියට මාරාගන්න රෙඩි වෙලා නිසා අවුලක් නෑ වැඩේ නැගලා යනවා......
අත්තම්මා දෙපාරක් විතර ඇවිත් ඇදුම් මාරුකරගන්න කියලා කියන කොට මට දුක හිතුනා මම එහෙමම ඉන්න එක ඒ අහිංසක මනුස්සයට හරි නැති නිසා... ඒත් අර මෝඩයා නම් එක පාරයි කිව්වේ... උඹට බැරිනම් නිකන් ඉදහන් කියලා දාලා ගියා.... ඇදුම් තෙමිලා නිසා සීතලත් එක්ක ඒ අවුල තවත් වැඩි වෙනවා වගේ දැනුන නිසා ෂේප් එකේ කොල්ලගේ කාමරයට ඔලුව දලා බැලුවා.... දුප්පත් උනත් හරිම පිරිසිදුවට පිලිවෙලට කාමරය තියනවා කියලා හිතුනා.... ඒත් රැක් එකේ පොලිමට තියන පාට පාට පොඩි ජොක්කෝ ටික දකින කොට හිනා ගියේ මූ මෙතරම් පොඩිද කියලා හිතිලා.....සමහර විට ඇන්දට පස්සේ ඇදෙනවා ඇති....
"ඕ සොරි......"
"දන්නේ නැද්ද කාමරයකට එනක කොට තට්ටු කරලා එන්න...."
එක පාරම තුවාය පලවගෙන කලිසම ගලවනකොටම මල්ලි කඩාගෙන බිදගන කාමරයට ආවා.....
"අනේ මේහ්.... මගේ කාමරයට එන්න මම මොකටද කාගෙන්වත් අවසර ගන්නේ...."
කොල්ලා එහෙම කියන ගමන් මට නොදැනෙන්න වගේ උගේ ජොක්කෝ ටික ඇදුමකින් ෂේප් එකේ වහනවා දකින කොට මට හිනා යන්න ආවා... ඒත් හිනා වුනොත් මේ රෙස්පට් එක බහිනවා.... මම ඉක්මනට තුවාය පටලවගෙන නාගන්න යන්න ගලැස්ති වුනා...
"කොහෙද බාත්රූම් එක තියෙන්නේ......"
පුරුද්දට වගේ ඇහුවත් ඇහුවට පස්සේ තමයි දැනුනේ අහපු මොඩ ප්‍රශ්නේ තරම....
"මේහේ බාත්රූම් නෑ... එලියේ ටැංකිය පිරිලා උතුරන්න වැහිවතුර තියනවා ගිහින් නාගන්න....."
"අයියො එතකොට නානකොට ඇදගන්නේ මොකක්ද මනුස්සයෝ......"
ඒ පාරනම් කොල්ලා ගැස්සිලා වගේ බලාන ඉදගා මට ෂෝටක් දුන්නා....
YOU ARE READING
වර්ෂ || BL
Phi Hư Cấu"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"