හැම දේම හරිම පිලිවෙලට කොල්ලගේ හිතට සතුටක් ගේන විදිහට සිද්ද වෙන කොට ඇයි මගේ හිත මේ තරම් සතුටු වෙන්නේ කියලා මට හිතාගන්න බෑ....
ඒ අහිංසක හිනාව වෙනුවෙන් මම ඕනම සීමාවක් පහු කරගෙන යාවි කියලා වෙලාවකට බයක් දැනේනවා....ඇත්තට කොල්ලෙක් විදිහට මනුස්සයෙක් විදිහට මම මගේ ජිවිතේ ගෙවන්න හොදම ක්‍රමයද මේ තොරගෙන තියෙන්නේනේ කියලා වෙලාවකට හිතෙනවා.....
"අයියේ..... අයියේ...."
"මොකද බන්......"
"මේ තෙලුයි පහන් තිරයි ඉතුරුයි.... මේ අර අනිත් පහන් වැටෙත් අපි පහන් දහඅටක් පත්තු කරමුද....?"
මම ඔලුව වනලා රෙදි කෑල්ලක් අරගෙන පහන් වැටියේ පහන් දහ අටක් පිරිසිදු කරලා දුන්නා....කොල්ල සතුටු වෙන විදිහට මට බයක් දැනේනවා.... මොකද මේ සතුට ඉක්මනින් දුකක් බවට පත් වෙයි කියලා.......
ඒ වගේම එක පාරම මගේ හිතට දැනුන හැගිම ක්‍රියාත්මක කරාට මොකද ඊට පස්සේ සිද්ද වෙන්නේ මොනාද කියලා මම පොඩ්ක්වත් හිතුවේ නෑ... ඇත්තටම වෙලාවකට හිතෙනවා නෝමල් මැසේජ් එකක් දාලා විෂ් කරා නම් ඉවරයි කියලා.... මේ විදිහට මේ දේවල් කරන්නේ කෙනෙකුගේ ජිවිතේ අනිත් කෙනාට සුවිශේෂි උනාම විතරයි... ඒ කෙනෙනාගේ අයිතිකාරයා වෙන්න සුදුසු කෙනාටයි.... මම නොදැනුවත්ම හැසිරෙන්නේ මල්ලිගේ අයිතිකාරයා විදිහට.... ඒත් මට එහෙම වෙන්න ඕන නෑ... එහෙම නොවී ඌත් එක්ක ඉන්නත් බෑ වගේ...ඌව වෙන කෙනෙක් අයිති කරගනිවි කියලා බයකුත් තියනවා.......අනේ මන්දා... කිරි නිසා බොන්නත් බෑ උණු නිසා අහක දාන්නත් බෑ......
"ආ......"
"අනේ බලාගෙන අයියා.... කෝ බලන්න අනේ දෙයියනේ පිච්චුනාද හොදටම.... කොහෙද ඉතින් එලොව සිහියෙන් මෙලොව පොල් ගානවනේ....."
හිතේ සිතුවිලි එකින් එක පොර බදනකොට දන්නේම නැතිව පහනක දැල්ලට අතට පොඩ්ඩක් යාන්තම් පිච්චුනා.... එකේ ලොකු වේදනාවක් නොවුනට අර හිත වෙන තැනක තිබුන නිසා ගැස්සිලා බයට කෑගැස්සුනා.....
"හරි හරි බය වෙන් දෙයක් නෑ..... අනේ..."
"මොන සිහියෙන්ද වැඩ කරන්නේ... බලනවා අත රතුවෙලා........ "
YOU ARE READING
වර්ෂ || BL
No Ficción"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"