අත්තම්මා කුස්සිය ලග තියන පඩිය උඩ වාඩිවෙලා අමාරුවෙන් පපුව අල්ලන් ඉන්නවා.... මම ඉක්මනට අත්තම්මව උස්සන් ලග ගෙදරක තිබුන වීල් එකක දාගෙන හොස්පිටිල් ගෙනිච්ච......
ඒ ඇස්වල නලියන වේදනාව හිතට මාර වේදනාවක් ගෙනාවා... ජිවිතේ ඇත්තටම අපිත් වයසට යනවා නේද.... දවසක අපිටත් කරවුරුවත් නැතිව මෙහෙම අසරන වෙන්න වුනොත්... හොද වෙලාවට මට අත්තම්මව බලන්න එන්න හිතුනේ...... ඇත්තට මේ ජිවිතේ කොයි තරම් අවදානමක් තියනවාද කියලා හිතුනා... අපි ඔක්කොම මේ නාඩගම් නටන්නේ... මේ ශරිර කුඩුවක් ඇතුලේ ඉහල පහල දුවන පුංචිම පුංචි හුස්ම පොදක් එක්ක නේද කියලා හිතනකොට පුදුම බයක් දැනෙන්නේ...
වෙච්ච හැම දේම අමුතුම හීනයක් වගේ කියලා දැනේනවා... අත්තම්මට මම හිතුවට වඩා අමාරුයි....
"මිස්ට වර්ෂ කෝ ඔයා මේ පේෂන්ට්ගේ රිපොට් ගෙන්න ගත්තේ නැද්ද....?"
මම ෆෝන් එක අතේ තියාන මොක්ෂගෙන් රිනුෂගේ නම්බර් එක අරගෙන කොල් එක ගන්න අතරේ ඩොක්ට ආයෙමත් දොරෙන් ඔලුව දාලා ඇහලා ඇහැව්වා....
"මට විනාඩියක් දෙන්න ඩොක්ටර් මම ඉක්මනට ගෙන්න ගන්නම්......"
මම කෝල් ගත්තාට මල්ලි ෆෝන් එක ගන්නේ නෑ... මූටත් මහ එජන්තට නැති තරම් වැඩනේ ඇත්තේ.... දෙවැනි පාර ගන්න කොට කොල්ලා ෆෝන් එක ඉස්සුවා....
"හොලෝ මල්ලි මම වර්ෂ.... ඔයා..."
"අනේ මේ තමුසේ ඒ පාර මගේ නම්බර් එකත් හොයාගෙන වද දෙන්න ගත්තද...."
"අනේ මේ මල්ලි මේ අත්තම්මා..."
"පින් සිද්ද වෙයි යකෝ උඔලට මාව බයිට් එක අරගන්න එකේ ඉවරයක් නැද්ද..."
"යකෝ මේ කුණහරප කියවන්නේ නැතුව අහපන් යකෝ...."
"අනේ මේ තමුසේගේ ලොකු පාට් වෙන කාට හරි දාගන්නවා .... මම තියනාවා...."
"එපා යකෝ.. මල්ලි...."
එන කේන්තියට මගේ ෆෝන් එක ගහන්න හිතුනා බිම... කෑලි කෑලි කැඩිලා යන්න ... මේකත් එක්ක මට එන තරහ ඉවසගන්න අමාරුයි....
"වර්ෂ....."
"මට පැය බාගයක් දෙන්න ඩොක්ටර් මම රිපෝට් ටික අරගෙන එන්නම්....."
YOU ARE READING
වර්ෂ || BL
No Ficción"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"