මම විනාඩියක් විතර මේ වුනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව කල්පනා කරා...
හැගිම් කොයි තරම් දුරට අපිව දුර්වල කරලා ඒකට නතු කරගන්නවාද කියන එක පුදුම හිතෙනවා... ඒ ඇති වෙන ආවේගයට හොද නරක කැත පිළිකුල දැනේන නෑ....හැගිම් වගේම ඇති වෙන සිතුවිලිත් මහා සැඩ පහරක් වගේ.... අල්ල ගන්න කියලා පිදුරු ගහක්වත් නැතිව වේගයෙන් ගහගෙන යන හැගිමක් දැනුනේ...
අනිත් පැත්තේන්... මේ පිස්සා කිසිම විරෝධයක් දක්වන්නේ නැතිව උගේ ජිවිතේට තියන අවදානමත් ගණන් ගන්නේ නැතිව මම පිම්මක් පැන්නාම ඌ පිමි දෙකක් පනින්නනේ බලාන ඉන්නේ... මම හිමිට ඇදුමක් දාගේන එන කොට මල්ලි ඇතුලටවත් එන්නේ නැතිව නාලා ඇදුමක් දාගෙන උයන්න ලෑස්ති වෙනවා... දැන් ඉතින් කෑම ඕන නෑ යමුයි කිව්වොත් තුන්දෙනා එක්ක හොස්සවල් දික් කරගන්න නිසා මම සද්ද නැතිව ගිහින් කුස්සිය ලග තියන මගේ සුපුරුදු ආසනේ වාඩි උනා.....
"නාගත්තද මගේ පුතේ...."
"ආ... ඔවු අත්තම්මේ...මේ දැන් නාගත්තේ....."
වෙලාවකට අපේ අත්තම්මාගේ තියන කැටයම් මේ ඇම්බැක්කේ දේවාලෙවත් නෑ.... කැටයම් කපන කාලේ අත්තම්මා ඒ ලග පාතක හිටියනම් අත්තම්මගේ කැටයම් තමයි කපන්න තෝරගන්නේ.....මම ෆොන් එකේ කියපුවා මතක නැති ගානට දහඅටේ කෙල්ල වගේ තෙත කොන්ඩේට තියලා තුවාය ගැට ගහගෙන අත්තම්මා කුස්සියේ අනිත් පැත්ත හරවලා තියන වංගෙඩිය උඩ වාඩි වෙලා තේකක් බොනවා....
"අනේ දරුවෝ අයියට තේ කක් හදා දිලා ඉන්ට....."
"ආ... මේන්.. අත්තම්මාගේ සුදු පුතාගේ තේක හදලා ඉවරයි......"
මල්ලි තේක ගෙනත් මගේ අතට දුන්නා....
"ආ.... ඌ......"
"අනේ දරුවෝ...තේක රස්නේ ඇති... පරිස්සමෙන් බොන්න.........මොකද චුටි පුතේ හිනා වෙන්නේ.... මනුස්සයෙකුට කරදරයක් උනාම හිනා වෙනවද........."
මම ඔරවලා බලපු පාර උගේ හිනාව තවත් වැඩියි.... කරන්න ඕන පිස්සු වැඩ කරලා දැන් හිනා වෙනවා.... ඌ තමයි මගේ යටි තොල හතර පස් පොලක් ලේ එන්න හැපුවේ... එක අමතක වෙලා තේක බිපු පාර මාව උඩ ගියා.......මද රස්නේ වුනත් තුවල වලට තදින් දැනුනා......
YOU ARE READING
වර්ෂ || BL
Non-Fiction"ඌ එල්ලිලා මැරෙනවලු... මම නැතිව ඌට ජිවත් වෙලා වැඩක් නැලු" "ඉතින් උඹ ඌට ආදරෙයි කිව්වද......" "මම කිව්වා... එල්ලෙනවා නම් එල්ලෙන්න.... කිසි කේස් එකක් නෑ....මම මල ගෙදර ඇවිත් යන්න එන්නම් කියලා ෆෝන් එකත් පැත්තක දාලා හොදට නිදාගත්තා......"