17

1.1K 241 51
                                    

"ඒයී....මේ මන්. ඔයා බය වුනා නේ....මන් දන්නවනේ ... මෝඩයා වගෙ බය වෙන්න ඇති කියලා."

"අ..ආ........මේ..මන් මොකටද බය වෙන්නෙ.අනික මට හොඳ නින්දක් ගිහින් හිටියෙ"

ඇවිත් තිබුනෙ මෝක්ශ.මන් හිතුව දේවල්.තව පොඩ්ඩෙන් හස්තිකයවත් ඇහැරවනවා.

"ඔයාට හොඳට නින්ද යනව නේ."

"ඔව් ඉතින් ඇඳක් තියෙනවා...කොට්ටයක් තියෙනවා....ශීට් එකක් තියෙනවා....ඉතින් ඇහැරගෙන ඉන්නෙ මොකටද?"

"මට නින්ද යන්නෑනෙ මේ මෝඩ අලේ නැතුව."

"කවුද මෝඩ අලේ"

"ඔයා තමයි"

මෝක්ශත් ඇඳ උඩට නැගගෙන ඇවිත් මට එහාපැත්තෙන් හාන්සි වුනා.නොකිව්වට ඉතින් මේ හස්තික පඩයත් එක්ක නිදාගෙන මේ පැය ගානට මට එපා වෙලා තිබ්බෙ.

"ඉතින් අර එස් අකුර එක්කම නිදා ගන්න යන්න එපැයි."

"ඇයි ඔයාට ඉරිසියයිද මෝඩ අලේ "

"ඉරිසියා කරන්නෙ මොකද කොහොමත් ඉතින් කවදහරි දවසක ඒ එස් අකුරව තුරුලු කරගෙන මෙහෙම නිදා ගන්න එපැයි.මාත් මගෙ කෙල්ලව තුරූ.....ලු කරගෙන නිදාගන්නවා."

"ආ....හැබැයි ඉතින් කෙල්ලට කලින් ඔයාට උම්මා එකක් දුන්නෙ මමනේ..."

"ඒ වගේ එවටද මෝඩයෝ උම්මා කියන්නෙ.හරි උම්මා එකක් කියන්නෙ ගොඩා...ක් වෙලා තොල් වලට දෙන  එකට.හුස්ම ගන්නත් බැරි වෙනවලු ඒක දෙනකොට. නැතුව මේ ඔය වගෙ චොක් කියලා තියපු ගමන් ගන්න ඒවා නෙවෙයි ."

"කවුද ඕවා කියලා දෙන්නෙ."

"එදා මිතුනා තමයි මට කිව්වෙ.කාටවත් කියන්න එපා කියලා චවෙන් මිතුනට කියලා කෙල්ලට කිස් එකක් දුන්න විදිහ. මිතුනා කේලමානෙ ඌ ඇවිත් මට කිව්වා."

"ඉතින් මටත් පුලුවන්. ඔයාට එහෙම ගොඩා....ක් වෙලා දෙන උම්මා එකක් දෙන්න."

"පිස්සුද.."

"දැන් ඔයාමනෙ කිව්වෙ චොක් ගාලා තියන ඒවා උම්මා නෙවෙයි කියලා."

"අනේ මිස්ස්........අම්මා.......මාව බේරගන්ඩෝ.........."

මෝක්ශ මගෙ අත් දෙකත් හිරකරගෙන මගෙ තොල් වලට පහත් වෙද්දි මන් ඇස් දෙක වහගෙන යටි ගිරියෙන් කෑ ගැහුවා.දෙයියනේ තව ටිකෙන් මේ මෝඩයා මගෙ කෙල්ලට ඉස්සෙල්ලම දෙන්න හිටපු හාදුවත් ඉඳුල් කරනවනෙ.කෑ ගහනවත් එක්කම රූම් එකේ ලයිට් එක ඔන් වුනා.

SOULMATE(Completed)Where stories live. Discover now