65

1K 195 51
                                    

මිතුනා කකුල් දෙකත් උඩට ඇරන් ටීවි බල ඉද්දී මාත් ගිහින් පැත්තකින් වාඩිවුනේ මූ මාව තඹ සතේකට ගණන් නොගෙන ඉද්දී.

"මොකද උබ මගෙත් එක්ක කතා නැත්තේ?"

"මෝක්ශ මට වතුර එකක් ගෙනත්  දීපන්.බෙහෙත් බොන්න ඕනී."

මන් මිතුනත් එක්ක කතාවට යන්න ගියත් මිතුනා මාව ඇහෙන් නැති පේන්නැති ගානට මෝක්ශට කතා කරද්දී මන් මූනත් දෙක කරගෙන කාමරේට ඇවිත් බාතෲම් එකට රිංගගත්තා.

"මෝක්ශ,මිතුනා කොහෙද නිදාගන්නෙ?"

"අනිත් කාමරේ."

"ඌ මගෙත් එක්ක කතා කරන්නෑ."

"අනේ උබලා දෙන්නගෙ විකාර."

මෝක්ශ එහෙම කියාගෙන කාමරෙන් එළියට ඇවිත් මිතුනගෙ කාමරේට යද්දී මාත් මෝක්ශගෙ පස්සෙන් ඇඳුනා.

"මිතුනා උබ දන්නවද උබට බෙගෙත් කරේ කවුද කියලා."

මන් මිතුනට ජයබිම ගැන කියන්න හැදුවා.

"මෝක්ශ පුලුවන්නම් මේ කකුල මොනාහරි ටිකක් ගාලා අතුල්ලල දීපන්.වැටුන පාර ඇනිලා තාම කැක්කුමයි."

"උබට මාව පේන්නෙ නැද්ද? තව කණ්නාඩි දෙකක් දාපන්.එතකොට පෙනෙයි මෙතීශ කියලා එකෙකුත් මෙතන ඉන්නවා කියලා."

"මෝක්ශ ඉක්මන් කරපන්කෝ..මට නින්ද යනකම් අතුල්ලපන්."

"ඇයි උබට නින්ද යනකන් අතුල්ලන්නෙ මෝක්ශ උබෙ කවුද?"

"උබට බැරිද මෝක්ශ?"

"ඉඳපන් ඉතින් මන් මේ ක්‍රීම් එක හොයනවා."

මෝක්ශ බිම බඩ ගගා ලාච්චු අස්සෙ රිංග රිංග මිතුනගෙ කකුල් මසාජ් කරන්න ක්‍රීම් එකක් හොයද්දී මිතුනා හැසිරුනේ ඌයි මෝක්ශයි විතරක් කාමරේ අස්සෙ ඉන්න විදිහට.

එන තරහට මූට දෙන්න හිතයි ඔලුව ගැලවෙලා විසික් වෙන්න.ලෙඩා නිසා ඉවසනවා.

"ආ මේ තියෙන්නෙ."

"කෝ මෙහෙට දෙනවා මන් අතුල්ලන්නම්."

මෝක්ශ කොහෙදෝ මුල්ලක රිංගලා ක්‍රීම් එක හොයාගෙන නැගිටිද්දී මන් මෝක්ශගෙ ඔලුවෙ තිබ්බ මකුළුදැලක් අයින් කර කර ක්‍රීම් එක උඳුරලා ගත්තේ මගෙ අතින් ගාන්න.

SOULMATE(Completed)Where stories live. Discover now